අත්‍යාවශ්‍ය භාණ්ඩ 27ක් මිළ ස්ථායීකරණ වැඩසටහන මැයි මාසයේ සිට ඉදිරි මාස 03ක් සඳහා ක්‍රියාත්මක බව වෙළෙඳ අමාත්‍යාංශය ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාව වෙත දැනුම් දෙයි.
වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මත,ඉදිරි විනිමය ගිවිසුම් වලට එළඹෙමින් මාස 03ක කාලයක් සඳහා ක්‍රියාත්මක කරනු ලැබූ අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 27ක මිළ ස්ථායීකරණ වැඩපිළිවෙල නැවතත් මැයි මස සිට ඉදිරි මාස 03ක් සඳහා ක්‍රියාත්ම කිරීමට නියමිතයි.
නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහනෙහි සාර්ථකත්වය පදනම් කරගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ සහයෝගය මත මෙම වැඩසටහන දිගු කාලීනව පවත්වාගෙන යාමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර ඇත.
අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග මිළ ස්ථායීකරණය සඳහා පෙර අවස්ථාවේදී නිර්දේශිත භාණ්ඩ වර්ග 27ට අමතරව දෙවන අදියර සඳහා නව භාණ්ඩ කිහිපයක් හඳුන්වා දීමට ද නියමිතය. ඒ අනුව එම භාණ්ඩ වර්ග 27ට අමතරව සියලුම කුළුබඩු වර්ග, මුං ඇට, කවුපි, උඳු,සුදු ළූණු, පොල්තෙල්, සෝයා, නූඩ්ල්ස්, රටඉඳි, බිස්කට්, බටර්, මාගරින් යන භාණ්ඩ වර්ගසැපයිය හැකි ඍජු ආනයනකරුවන් හා දේශීය නිෂ්පාදකයන්ගේ අභිලාෂ දැක්වීම සඳහා යෝජනා කැඳවීමේ පුවත්පත් දැන්වීම් මේ වන විට පළ කර ඇත.
ඒ අනුව අප්‍රේල් මස 27 දින දක්වා පෙ.ව.09.00සිට ප.ව.04.00 දක්වා මෙම අභිලාෂ දැක්වීමේ යෝජනා භාරගැනීම සිදු කරනු ලබන අතර එම යෝජනා විවෘත කිරීම අප්‍රේල් මස 28 වන දින ප.ව.03.00 සිට වෙළෙඳ අමාත්‍යාංශයේ දී සිදු කරනු ලැබේ.
දේශීය නිෂ්පාදකයා හා දේශීය ව්‍යවසායකයා සුරක්ෂිත කරමින් සමස්ත පාරිභෝගික ජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමින්මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.