සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද
සිල්වා මහතා ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මාධ්‍ය වෙත කරුණු දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ……සෞදි අරාබියේ මෙම.රැඳවුම් කඳවුරු වල සිටින ශ්‍රී ලාංකික කතුන් පිළිබඳව ජාත්‍යන්තර
ක්ෂමා ආයතනය කරුණු හෙළිදරව් කිරීමෙන් පසු, එම රැඳවියන් පිළිබඳව සවුදි රජය සමග ශ්‍රී ලංකා රජය සාකච්ඡා කළ බවත්, එම බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් නිදහස්
කිරීමටත් ශ්‍රී ලංකාවට එවීමටත් සෞදි රජය එකඟ වී ඇති බවයි.
ඒ අනුව එම කතුන් සෞදි අරාබි රාජ්‍ය ගුවන් සේවය මගින් ශ්‍රී ලංකාවට එවීමට ද සෞදි රජය එකඟත්වය පළ කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු
මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.ඒ අනුව එම ගුවන් යානය ශ්‍රී ලංකාවට ගොඩ බැසීමට අවසර ලබාදීම පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සමඟ සහ ගුවන්තොටුපල
බලධාරීන් සමඟ සාකච්ඡා කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකාවට අදාල කොවිඩ්19 මර්දන සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් මාලාවන්ට අනුකූලව ඉතා ඉක්මනින් මෙම
කතුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමටත,එහි දී ඔවුනට අවශ්‍ය පහසුකම් සලසාදීමටත් අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන් බව ද ඒ අනුව සවුදි
අරාබියේ රැඳවුම් කඳවුරුවල සිටින ශ්‍රී ලාංකික කතුන් 156 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිත බව ද කම්කරු අමාත්‍යවරයා කියා සිටියේය .