

ආදරයේ පහස විඳීමට නව මං පෙතක් විවර කරමින් ලබන (11) රාත්‍රී 9.00ට හිරු නාලිකාව ඔස්සේ ඔබේ ආලින්දයට පැමිණෙන ‘ඇත්තමයි මං ඔයාට ආදරෙයි‘ රූපාවලිය ආදරණීය ටෙලි වෘතාන්ත අතරට වෙනස්ම නව්‍ය අත්දැකීමක් වනු ඇත.
ධනුෂ්ක රත්නායකගේ තවත් සුපිරි වැඩක් බව කලා ශිල්පීන් පෙන්වා දෙන මෙම ටෙලි වෘතාන්තයේ පිටපත් රචනය ලක්ෂා වත්තුහේවාගෙනී.
අමේලියා,රදීශ්, යශ් හා සුහර්ශි අතර ඇතිවන සුන්දර ආදරණීය ගට්ටනය ඔබ සිතනවාටත් වඩා ආදරයේ නව මං පෙතකට ඔබව ගෙන යනු ඇතැයි විශ්වාසයි.
අධ්‍යක්ෂණය ධනුෂ්ක රත්නායක, නිෂ්පාදනය අශෝක් ජයකොඩි, කැමරාව නිමල් කරුණාතිලක, කලා අධ්‍යක්ෂණය රනුක ඉෂාර, විධායක නිෂ්පාදනය මෙවන් ලියනගේ, සහය අධ්‍යක්ෂණය ප්‍රසන්න ප්‍රදීප් කුමාරගෙනි.
මෙහිදි අදහස් දැක්වු අධ්යක්ෂ ධනුෂ්ක රත්නායක මහතා මෙම නිර්මාණ කාර්ය සාර්ථක කර ගැනීමට හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වා මහතාගේ අනගි සහයෝගය හා නිෂ්පාදක අශෝක ජයකොඩි මහතාගේ අනගි පරිත්‍යාගශීලි බව නිසා මෙම නිර්මාණය නිම කිරීමට හැකිවුණු බවය. ඒ අනුව මෙම නිර්මාණයට දායකවු සියලු දෙනාට සිය ස්තූතිය පළ කර සිටින බවද කවදත් වගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාව මෙම නිර්මාණය කෙරෙහි දක්වන උනන්දුව තමාගේ නිර්මාණ ජීවිතයට ධෛර්යක් ලබාදෙනු ඇතැයි හෙතෙම කීය.
නිෂ්පාදක අශෝක ජයකොඩි මහතා අදහස් දක්වමින් චිත්‍රපට හා ටෙලිනාට්‍ය කිහිපයක් නිෂ්පාදනය කළ තමා හිරු නාලිකාවත් සමග එක්වූයේ ප්‍රථම වතාවට වන අතර එහිදි සභාපති රෙනෝ ද සිල්වා මහතා , වැඩසටහන් අධ්යක්ෂ විරාජ් වැලිවත්ත ඇතුළු හිරු කාර්ය මණ්ඩලය ලබාදුන් සහයෝගය අගයන අතර ධනුෂ්ක රත්නායකගේ නිර්මාණශීලි හා කාර්යක්ෂම බව අගය කරමින් සියලු කලාශිල්පීන් ලබාදුන් සහගෝය සිහිපත් කරන බවද ප්‍රේක්ෂක ජනතාව ආදරයෙන් මෙම ටෙලි රූපාවලිය වැළඳ ගනු ඇතැයි කීය.
‘ඇත්තමයි මං ඔයාට ආදරෙයි‘ රූපාවලියේ චරිත මවන්නෝ සාරත බංඩාර, සුහන්දි වෝසදී,නිමේෂ් එදිරිසිංහ,ශෙනායා වැන්හොෆ්,ගයාන් වික්‍රමතිලක, හිමාලි සයුරංගි,කිංග් රත්නම්,සංජීව දිසානායක,චාමි සේනානායක,මයුර කාංචන පෙරේරා, හර්ෂිකා රත්නායක,ලසඳුනි ජයවර්ධන, සප්නා පාදුක්ක, කසුන් ගම්මාන ලියනගේ, චරිත් මධුරංග, රවිෂාන් රාජරත්න, මොරින් ගුණතිලක, යුලාන්දේවි,කොවිඳු සේරම්,සඳරු කුමාරගේ, චතුනි රාජපක්ෂ, ඉමල්ක ජයසුන්දර,ධනු දිසානායක යන ශිල්පීන් හා ශිල්පිණියන්ය.
මෙහි තේමා ගීතය එළි දැක්වීමේ උත්සවයක් කොළඹ පි.වි.ආර්. සිනමා සංකීර්ණයේදී ඊයේ(07) මෙම නිර්මාණයට දායකවූ සියලු දෙනාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
අනුර ප්‍රේමලාල්
ඡායාරූප-තුෂාර ප්‍රනාන්දු



