23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්සත්ව ආහාර සඳහා පාලන මිලක් නියම කරන්න.

සත්ව ආහාර සඳහා පාලන මිලක් නියම කරන්න.

කුකුළු මස් සඳහා පාලන මිලක් පැනවු ආකාරයටම සත්ව ආහාර සඳහා ද පාලන මිලක් නියම කිරීමට රජය පියවර ගත යුතු බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එහි සභාපති මෛත්‍රී ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේ, දිගින් දිගටම සතුන්ට ලබාදෙන ආහාරවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ කුකුළු මස් ව්‍යාපාරිකයින් ගැටලු රාශියකට මුහුණ දී ඇති බවය.

අප්‍රේල් මාසය වන විට සත්ව ආහාර පමණක් සියයට 30කින් හා දවසේ කුකුළු පැටව් සියයට 57කින් ඉහළ ගොස් ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

සත්ව ආහාර සඳහා පාලන මිලක් නියම නොකරන්නේ නම් මහා පරිමාණ ආයතන පමණක් ඉතිරි වී සුළු හා මධ්‍ය පරිමාණ ආයතන සියල්ල විනාශ වී යනු ඇතැයි ද ඒ මහතා අනතුරු අඟවයි.

adstudio.cloud

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments