25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්රසායනික පොහොර ආනයනය ඉදිරියේදී සම්පුර්ණයෙන්ම තහනම් කරනවා. ජනපති

රසායනික පොහොර ආනයනය ඉදිරියේදී සම්පුර්ණයෙන්ම තහනම් කරනවා. ජනපති

රසායනික පොහොර ආනයනය ඉදිරි කෙටි කාලය තුළදී සම්පූර්ණයෙන් නතර කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ.

මෙරට කෘෂිකර්මාන්තය සම්පුර්ණයෙන්ම කාබනික පොහොර භාවිතයට යොමු කිරිමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා පවසයි.

ඊයේ (22) පස්වරුවේ රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධානීන් සමග පැවති හමුවක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම අදහස් පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙරට කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීමට සියලු පාර්ශ්ව මැදිහත්විය යුතු බව ජනාධිපතිවරයා එහිදි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පොහොර සහනාධාරය වෙනුවට කාබනික පොහොර ලබාදීමට සැලසුම් යුතු බවද ප්‍රකාශ කර ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, වාර්ෂිකව පොහොර ආනයනය සඳහා වැය කෙරෙන ඩොලර් මිලියන 400ක මුදල ජන ජීවිතය නඟා සිටුවීමට යොදාගත හැකි බවද එහිදි පෙන්වා දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments