29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා කොරියානු ජනරජය අතර ගිවිසුමක්.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා කොරියානු ජනරජය අතර ගිවිසුමක්.

ප්‍රතිශක්ති විද්‍යාව හා අණුක වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධි විෂයමාලා සංවර්ධනයේදී සහයෝගිතාව ඉහළ නැංවීම, අධ්‍යයන වැඩසටහන් ආරම්භ කිරීම සඳහා සහය වීම සහ ද්විතීයික හා කණිෂ්ඨ විද්‍යාල සිසුන් සඳහා නව්‍ය පර්යේෂණ වැඩසටහන් සැළසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම මඟින් දෙපාර්ශ්වය අතර ප්‍රතිශක්ති විද්‍යාව හා අණුක වෛද්‍ය විද්‍යාව යන ක්ෂේත්‍රයන්හි අධ්‍යයන හා සංස්කෘතික හුවමාරුව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ කොරියානු ජනරජයේ සංකින්ක්වාන් (Sungkyunkwan University, Korea) විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත.ඒ අනුව, අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments