Homeසාහිත්‍යයමාධ්‍යවේදී මුබීනා බාරී විසින් රචිත “A Book That You Will Never Read”...

මාධ්‍යවේදී මුබීනා බාරී විසින් රචිත “A Book That You Will Never Read” නම් ග්‍රන්ථය ජනගත කෙරේ…

මාධ්‍යවේදී මුබීනා බාරී විසින් රචිත “A Book That You Will Never Read” නම් ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවය කොළඹ පිහිටි ලක්ෂ්මන් කදිරගාාමර් කේන්ද්‍රයේදී සිදුකෙරිණී.

මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මලේසියානු මහා කොමසාරිස් Badli Hisham Adam මහතා ඒක්ව සිටි අතර කතුවරිය ග්‍රන්ථයේ පළමු පිටපත ඒ් මහතා වෙත පිළිගන්වන ලදී. විශේෂ ආරාධිත අමුත්තිය වූ Anthea Senaratna මහත්මියට දෙවන පිටපත පිළිගැන්වුවාය.

එහිදි උත්සවය අමතමින් බද්ලි හිෂාම් ආදම් මහතා සඳහන් කළේ, කසකස්තානයේ තානාපතිවරයා ලෙස සේවය කළ සමයේ තමන් ද ග්‍රන්ථයක් රචනා කළ බවයි. මූබීනා බාරීගේ මෙම සාර්ථක ප්‍රකාශනය පිළිබඳ ඇයට සුබ පැතුම් එක් කළ ඔහු, ඉදිරියේදී තවත් බොහෝ කෘති රචනා කිරීමට ඇයට හැකි වේවායි ප්‍රාර්ථනා කළේය. එමෙන්ම දෙමාපියන්ගේ ආශීර්වාදයේ වැදගත්කම අවධාරණය කළ ඔහු, තම දෙමාපියන්ට දක්වන ගෞරවය පිළිබඳ ද අදහස් දැක්වීය.

මූබීනා බාරී සිය සහෝදරයන්ට, මිතුරන්ට, ගුරුවරුන්ට සහ දෙමාපියන්ට ඔවුන් ලබාදුන් සහයෝගය හා මඟපෙන්වීම වෙනුවෙන් ස්තූතිය පළ කළාය. එම සහයෝගය මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීමට මහත් පිටුබලයක් වූ බවද ඇය සඳහන් කළාය.

ග්‍රන්ථය පිළිබඳ විචාර ඉදිරිපත් කළේ මනෝවිද්‍යා අධ්‍යාපනවේදී Jenoosh Lawrence සහ Avanti Jayasinghe යන මහත්ම මහත්මීන් විසිනි. ඔවුහුද උත්සව සභාව අමතා අදහස් දැක්වූහ.

මෙම අවස්ථාව සඳහා සාහිත්‍ය ක්ෂේත්‍රයේ සාමාජිකයන්, මාධ්‍යවේදීන්, මිතුරන් සහ පවුලේ සාමාජිකයන් රැසක් සහභාගී වූහ.

වැඩසටහන මෙහෙයවනු ලැබුවේ මූර්තාස් බාරී වන අතර, ස්තුති කතාව නබීල් බාරී සිදු කරන ලදී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments