22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අපිට තිබෙන අභියෝග ජයගන්න වරාය නගරය ඉතාමත් ඉවහල්වේ. ඩිව් ගුණසේකර.

අපිට තිබෙන අභියෝග ජයගන්න වරාය නගරය ඉතාමත් ඉවහල්වේ. ඩිව් ගුණසේකර.

මතුවි තිබෙන අර්බුද හමුවේ කොළඹ වරාය නගරය අපේ රටේ ආර්ථික උපාය මාර්ගයේ අලුත් නැම්මක් ඇතිකරන බව ශ්‍රීලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම්, දේශපාලන මණ්ඬල සභික ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ(26) කොළඹ 08, බොරැල්ල පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ගුණසේකර මහතා මෙසේද කීය……………..වරාය නගරය ව්‍යාපෘතිය වමේ අපි ඊට සහයෝගය ලබාදෙන්නේ ඇයි කියා බලන්න ඕනේ. එහි පළමු කාරණය තමයි අපේ ආර්ථික උපාය මාර්ගයේ අලුත් නැම්මක් ගන්න හොඳම අවස්ථාවක්. අපි බරපතල ගැඹුරු ප්‍රබල ආර්ථික අර්බුදයකට මුහුණ දෙමිනුයි සිටින්නේ. කවරදාකවත් අපේ මෙවැනි ආර්ථික අර්බුදයකට මුහුණදීලා නැහැ. කොවිඩ් එක නිසා ඒක වඩාත් උග්‍රවුණා. මේක අපිට නොවේ මුළු ලෝකයටම බලපාලා තිබෙන එකක්. මේවනවිට ලෝක ආර්ථිකය වසාදමලයි තිබෙන්නේ. ඒක නිසාත් අපේ ආර්ථිකය උග්‍ර වෙලයි තියෙන්නේ. ඒ වසර දෙකක් පමණ තිස්සේ වසා දමා තිබෙන මේ ව්‍යාපෘතිය විවෘත කරන්න තිබුණේ මීට වසර දෙකකට කලින් ආණ්ඩු වෙනසත් නිසා ප්‍රමාද වුණා. මේවනවිට ලෝක ආර්ථිකය ගෝලීය වෙමිත් තිබෙන අවස්ථාවකී. ඒ වෙනස සියලු දෙනා තේරුම් ගත යුතුයි. ගෝලීය කරණය ඉදිරියට යන්නේ විද්‍යාව හා තාක්ෂණය මගින් නව සොයාගැනීම් සමගයි. එය අපිට වළක්වන්න බැහැ. ඒ නිසා අපේ ආර්ථිකයේ නැම්මක් ගන්න මේ වරාය නගරය භාවිතා කළ යුතුයි. අපේ රට භූගෝලීය වශයෙන් පිහිටීම. අපේ වටිනාකම වැඩිවෙලා තිබෙනවා සාධක කිහිපයක් මත. ඉන්දියන් සාගරයේ පිහිටීම එදා සිටිම තිබෙනවා. එය වැඩිවුණේ බණ්ඩාරනායක මැතිණියගේ සමයේ මුහුදෙන් සැතපුම් දෙසීයක අයිතිය ලබා ගැනීම නිසයි. ඒ නිසා ඉන්දියන් සාගරයේ වැඩි කොටසක් අපිට ලැබුණා. මෙය ප්‍රධාන මුහුදු මාර්ගයක් බවට පත්වෙලා තිබෙනවා.

නව සේද මාවත පැරැණි සේද මාවත ඒ ඔස්සේම තමයි යෝජිත සේද මාවත තිබෙන්නේ. මේක චීනයේ ව්‍යාපතීයක් වුණත් ඒකට රටවල් සීයක් සම්බන්ධ වෙනවා. යුරෝපා මහද්වීපය, අප්‍රිකානු මහද්වීපය සහ ආසියානු මහද්වීපය යන තුනම සම්බන්ධවෙලා. දැන් ඒක ලතින් අමෙරිකාවටත් දිගුවෙනවා. ඒ නිසා අපේ වටිනාකම තවත් වැඩිවෙලා. ඒ නිසා තමයි ඉන්දියන් සාගරය කැක්කුමක් නැතිව සිටි අමෙරිකාවට දැන් කැක්කුමක් ඇතිවෙලා තිබෙන්නේ. දැන් ඒ අය පැසිපික් හා ආර්කටික් සාගරය අමතක කරලා. එමෙන්ම ආසියානු ආර්ථිකය වසර පන්සීයකට පසු ලෝකයේ ඉදිරියෙන් සිටීම. ආසියානු ආර්ථිකය බටහිර ආර්ථිකය අභිබවා ගිහිල්ලා. අමෙරිකාව , යුරෝපය , එංගලන්තය අභිබවා ගිහින් තිබෙනවා ආසියනු ආර්ථිකය. මේ සාධක සියල්ල සළකා බලන විට අපේ වටිනාකම වැඩිවෙලා තිබෙනවා. චීන ආණ්ඩුවෙන් ලැබුණු ණයක් මත අපිට අවස්ථාවක් දැන් උදාවෙලා තියෙනවා. මුහුද ගොඩ කිරීම මත අපේ භූමිය තවත් වැඩිවුණා. මේකේ ප්‍රධාන අරමුණ කුමක්ද ඒ තමයි ප්‍රාග්ධනය ලබාගැනීමයි. විදේශ ප්‍රාග්ධන ආයෝජනයි. ජේ.ආර්.ජයවර්ධන මහතා ආර්ථිකය විවෘත කළේ මීට වසර හතළිස් තුනකට පෙරයි. ඔහු අපේක්ෂා කළ ආකාරයට ප්‍රාග්ධනය පැමිණියේ නැහැ. ඊට විවිධ සාධක තිබුණා. යුද්ධය, කළුජූලිය ඇතිවුණා. නව ලිබරල් ආර්ථිකය යටතේ අපිට ප්‍රාග්ධනය ආවේ නැහැ. දැන් අපිට අලුත් ප්‍රාග්ධනය ලබාගැනීමේ අවස්ථාව උදාවෙලා තිබෙනවා. ජාතික ආර්ථිකයෙන් මේක වෙන් කරලා ගන්නේ මේ නිසයි. මේක රටකඩන්න නොවේ. මේක විශේෂ ආර්ථික කලාපයක් ඇති කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක්.හැබැයි ඒක ව්‍යවස්ථාව තුල රට තුල අඛණ්ඩතාවයක් ඇතිව කළයුතු දෙයක්. චීනය මෙවැනි පළමු ආර්ථික කලාපයක් ඇති කරනවිට මමයි, පීටර් කෙනමන් සහෝදරයයි ගියේ. ඒක ප්‍රධාන ආර්ථිකයෙන් වෙන් කළා. මේකට ප්‍රාග්ධානය ගලා එනවා. ප්‍රධාන එකට එන්නැති ප්‍රාග්ධනය මේකට ආවා. අපිටත් එහෙමයි. සහනදීම සිදුවෙන්නේ ඒ නිසයි. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තිබෙනවා එහිදි අවශ්‍ය වෙනස් කම් කරන්න පුළුවන්.

මෙහි දැන් දේශපාලන මතවාදයක් ගේනවා. චීන කොලනියක් කියලා චීන ඉතිහාසයේ අවුරුදු තුන්දහස් හයසීයක් පුරා තවත් රටක් ආක්‍රමණය කරලා නැහැ. නමුත් ඒ රට ආක්‍රමණයට ලක්වුණා. තවමත් තමන්ට අයිති හොංකොං හා තායිවානය ලබාගන්න නොහැකි වෙලා තිබෙනවා. හොංකොංගැන නම් සාකච්ඡාවක් යනවා. මේ විරෝධය එන්නේ කොමියුනිස්ට් විරෝධයක් පදනම් කරගෙනයි. ඒක ගෙන එන්නේ අමෙරිකාවයි. අධිරාජ්‍යවාදීන් කිසිම දිනෙක බලාපොරොත්තු නොවුණු තත්ත්වයක් ඔහුන් අභිබවා චීනය ගොස් තිබෙනවා. අද යුද ශක්තිය, ආර්ථිකය, ස්වාභාවික සම්පත්, නිෂ්පාදනය , අපනයනය, ආනයනය, විදේශ විනිමය, පාරිභෝගික, ක්‍රයශක්තිය, දළදේශීය නිෂ්පාදනය මේ සෑම ක්ෂේත්‍රයකින්ම අමෙරිකාව පසුකරගෙන චීනය ගොස් තිබෙනවා. අපි නොවේ මේවා කියන්නේ ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලයි. අපියි චීනයයි අතර සහල් රබර් ගිවිසුම ඇතිකළේ 1952දීයි. තව වසර හතරක් පහක් යනවිට ඩොලරයේ ආධිපත්‍ය නැතිව යනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments