25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අපේ වත්මන් සෘජුබදු ප්‍රතිශතය 14%යි. තිබෙන ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න එදා...

අපේ වත්මන් සෘජුබදු ප්‍රතිශතය 14%යි. තිබෙන ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න එදා සමගි පෙරමුණ කළා වගේ ඒක 65%කට වත් නංවන්න නොහැකි ඇයි.මහාචාර්ය තිස්ස විතාරණ

ජනතාව උග්‍ර ලෙස මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි බඩුමිල ප්‍රශ්නය බඩුමිල වැඩවීමේ ප්‍රවණතාවය ගැන ආණ්ඩුව අවධානය ලක් කළ යුතුයි. ගොවීන් තමන්ගේ අස්වැල්ල නෙලලා වෙළෙඳපොළට දැම්මට ඒ අයට ලැබිය යුතු මුදල ලැබෙන්නේ නැහැ. එය ස්ථිරව ලැබෙන ක්‍රමයක් තමයි අපි ඇති කරන්න ඕනේ. ගම්බද ප්‍රදේශ තුල ඉතා බරපතල ලෙස දුප්පත් කම තිබෙනවා. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අංශ ප්‍රධානියෙක්ගේ මට ලබාදුන් විස්තර අනුව ලංකාවේ දරුවන්ගේ මන්දපෝෂණය ඉහල ගිහිල්ලා තිබෙනවා 18%කට. ඒ කියන්නේ මේ රටේ දරුවන්ගෙන් පස් දෙනකු ගත්තාම එක් අයෙක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. මේ තත්ත්වයට හේතු දෙකක් තිබෙනවා එනම් මැද මිනිසුන්ගේ ගසා කෑමඑහිදි මෝල් අයිතිකාරයෝ වෙන්න පුළුවන් , වෙළෙන්දන් වෙන්න පුළුවන්. ගොවියා දමන භාණ්ඩයේ මිල දහයකින් වැඩි කරලා තමයි පාරිභෝගිකයා අතට පත්වෙන්නේ. මැද මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම නිසා තමයි බඩුමිල අහස උසට යන්නේ. නියම වෙළෙඳ තරඟයක් නැහැ. අපේ දේ අපි වගා කරන්න ඕනේ ඒ ප්‍රතිපත්තිය හොඳයි නිවරැදියි. නමුත් එය ක්‍රියාත්මක කිරීමේදි සූරාකන ක්‍රමයක් මීට ඇතුළත් වෙලා තිබෙනවා. මුල් බැහැලා තිබෙනවා. ඒක නැති කරන වැඩපිළිවෙලක් අවශ්‍යයි. 1970-77 සමගි පෙරමුණු ආණ්ඩු සමයේ තෙල් අර්බුදයක් පැමිණියා. ලෝකයේ තෙල්මිල හත්ගුණයකින් වැඩිවුණා. ඒ කාලයේදීම තද ඉඩෝරයක් ඇවිත් ආහාර හිඟයක් පැමිණියා. ආනයනික සීනි ටොන් එකක් රන්පවුම් හතළියකට තිබුණු එක හයසීයකට වැඩිවුණා. එදා ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා කිව්වා අපි රටක් ලෙස පටිතද කරන්න ඕනේ කියලා. එදා ආණ්ඩු ධනපති පන්තියට වැඩ බර දැම්මා ආදායම් බදු වැඩි කළා. 75%කට සෘජු බද්ද වැඩි කළා. එදා පිටරට පස්සෙන් යන්නේ නැතිව මේ රටේ තිබුණු ආර්ථික අර්බුදයට විසඳුමක් ලබාගත්තා. එපමණක් නොවේ මුලවරට අයවැය පරතරය පියවන තත්ත්වයට ගෙනවා. අපේ ඉතිහාසයේ විදේශ විනිමයේ අවාසිය අඩු තත්ත්වයකට ගෙනාවා. ඇයි අපිට අද ඒක කරන්න බැරි. අද උපරිම කෝටිපතියන් ගෙවන සෘජු බද්ද 14%යි. දැන් තිබෙන ප්‍රශ්නවලින් ගොඩයන්න සෘජු බද්ද 60%කටවත් නංවන්න බැරි ඇයි. නෝරිවිජියානු ස්කැන්ඩේනියානු රටවල එවැනි ප්‍රතිශතවලින් තමයි සෘජු බදු අය කරන්නේ. ඇයි මේ බැරි. බඩුමිල අඩුකරන්න ගත්ත ලොකුම ක්‍රමය තමයි සමූපකාර ක්‍රමය. එදා හොඳ සමූපකාර ක්‍රමයක් ක්‍රියාත්මක කළා. එදා විවිධ සේවා සමූපකාර ගොවීන් ඇතුළත්ව පිහිටුවලා ක්‍රියාත්මක කළා. යු.ඇන්.පීය. ඒවා නැති කරලා මුදලාලිකරණය ආරම්භ කළා. ඒ නිසා දැන්වත් නියමාකාරයට සමූපාකාර ක්‍රමයක් ආරම්භ කරන්න ඕනේ. එවිට මැද මිනිසාගේ ගසාකෑමනවත්වන්න පුළුවන් වෙනවා. එවිට බඩගින්න නැති කරන්න පුළුවන් අත්‍යාවශ්‍ය භාණ්ඩු සාධාරණ මිලකට පාරිභෝගිකයාට දෙන්න හැකි වෙනවා. දරුවන්ගේ මන්දපෝෂණය 18%ක් වගේම පෝෂණ මට්ටමේ කෝදුවෙන් බලනවිට දරිද්‍රතාවය 60%කට ඉහල ගොස් තිබෙනවා. මේ ප්‍රශ්නයට අපි මුල් තැන දිය යුතුයි. සංවර්ධන ව්‍යාපෘති රටක් දියුණු කරන්න අවශ්‍ය වුණත් ඒ කටයුතු කෙටිකාලයකට හෝ පස්සට දමා යම් සීමාවන් ඇති කොට එම මුදල් මේ දරිද්‍රතාවයේ ප්‍රශ්නය විසඳන්න යොදන ලෙස ඉල්ලනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments