26.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්රට ලොක් ඩවුන් නොකිරීමට හේතු අගැමති පවසයි.

රට ලොක් ඩවුන් නොකිරීමට හේතු අගැමති පවසයි.

පවතින වසංගත තත්ත්වය සමග කටයුතු කිරීමේ දී ඉදිරියටත් චීන රජයේ අඛණ්ඩ සහයෝගය බලාපොරොත්තුවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින චීන ආරක්ෂක අමාත්‍ය ජනරාල් වෙයි ෆෙන්ග් මහතා සහ අග්‍රාමාත්‍යවරයා අතර අද (28) පෙරවරුවේ පැවති ද්වි පාර්ශ්වික සාකච්ඡා අතරතුරදී ඔහු එසේ පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, 

“මෙම වසංගත තත්ත්වය මගහරවා ගත හැකි එකම ක්‍රමය එන්නත්කිරීම බව මුළු ලෝකයටම දැන් පැහැදිලි වී තිබේ. කොවිඩ් වසංගතය පැතිර ගියදා සිට සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් චීනය සීනෝෆාම් එන්නත් 600,000 ක් සහ සෞඛ්‍ය ආරක්ෂක උපකරණ ඉතා නොමසුරුව පරිත්‍යාග කිරීම ඉතා අගය කොට සළකමි. මෙම වසංගත තත්ත්වය සමඟ කටයුතු කිරීමේ දී ඉදිරියටත් චීන රජයේ අඛණ්ඩ සහයෝගය අපි බලාපොරොත්තු වෙමු.පසුගිය සති කිහිපය තුළ කොවිඩ් -19 ආසාදීතයින් පිරිස වැඩිවුව ද රටේ ආර්ථික හා සමාජයීය බලපෑම සලකා මුළු රටම අගුලු නොදැමීමට රජයක් ලෙස අපි තීරණය කළෙමු,” යනුවෙන් පැවසීය.
 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments