25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ඉන්දීය ධීවරයින් සමග සබඳතා එපා ශ්‍රී ලාංකික ධීවරයින්ගෙන් ඉල්ලීමක්. ඇමැති ඩග්ලස්

ඉන්දීය ධීවරයින් සමග සබඳතා එපා ශ්‍රී ලාංකික ධීවරයින්ගෙන් ඉල්ලීමක්. ඇමැති ඩග්ලස්

ජාත්‍යන්තර මුහුදේදී ඉන්දීය ධිවරයින් සමඟ සබඳතා පැවැත්වීමෙන් වැළකී සිටින ලෙස ධිවර අමාත්‍යයු ඩග්ලස් දේවානන්ද මහතා ධිවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි.

ඉන්දියාවේ කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් එම ඉල්ලීම සිදුකරන බව අමාත්‍යවරයා පවසයි.

උතුරේ ධිවර ජනතාවගේ ඥාතීන් හා හිතවතුන් විශාල වශයෙන් ඉන්දියාව තුළ වාසය කිරීම හේතුවෙන් ධීවර කටයුතුවල නිරත වන අවස්ථාවේදී ධිවරයින් ඉන්දීය ධීවරයින් සමඟ සබඳතා පැවැත්වීම, ගනුදෙනු කිරීම සහ භාණ්ඩ හුවමාරු කර ගැනිම සිදුවන බව ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා පෙන්වාදෙයි.

එමෙන්ම ඉන්දියාවේ සිට නීති විරෝධි භාණ්ඩ ගෙන ඒමට ධිවරයින් යොමු වූ අවස්ථා ද වාර්තා වී ඇති බව අමාත්‍යවරයා පවසයි.

පවතින අවාදනම සැලකිල්ලට ගනිමින් මෙවැනි කටයුතුවලින් වැලකී සෞඛ්‍ය ආරක්ෂිත ලෙස ධිවර කටයුතුවල නිරත වන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා මෙරට ධිවර ප්‍රජාවට වැඩිදුරටත් දැනුම්දෙයි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments