මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ව ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අභුමාන් අහමඩ් රෂීඩ් නම් 25 හැවිරිදී පුද්ගලයෙක් ව අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු එම ඝාතන ප්‍රයත්නයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකේ.
එරට අගනගරය වන මාලේ හි පිහිටි සිය නිවසේ සිට සිය මෝටර් රථය දෙස ට යමින් සිටියදී ඒ අසල නවතා තිබූ යතුරු පැදියකට සවිකළ බෝම්බයක් පුපුරුවා හැරීමෙන් 53 හැවිරිදි හිටපු ජනපතිවරයා බරපතළ තුවාල ලැබීය.
පුද්ගලයෙක් දුරස්ථ පාලකයකින් එම පිපිරීම සිදුකරන ආකාරය දැක්වෙන CCTV දර්ශන ද එරට මාධ්‍ය ට නිකුත් කර තිබුණි.
එරට කථානායකටවරයාද වන නෂීඩ් ගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වේ.
මැයි 6 වනදා රාත්‍රී 8.30ට පමණ සිදුකළ එම ප්‍රහාරයෙන් ආරක්ෂකයින් දෙදෙනෙක් සහ 70 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙක් තුවාල ලැබීය.
ආගමික අන්තවාදීන් විසින් එම ප්‍රහාරය සිදුකර ඇති බව මාලදිවයිනේ පොලිස් බලධාරීන් පවසයි.
ප්‍රධාන සැකකරු සමග තවත් දෙදෙනෙක්ව අත්අඩංගුවට ගෙන තිබෙන තවත් සැකකරුවන් සොයා පරීක්ෂණ පැවැත්වෙන බව වාර්තා වේ.