කොවිඩ් 19 වෛරසය සඳහා ලබාදෙන එන්නත්කරණ වැඩපිළිවෙලට ආර්ථික මධ්‍යස්ථානවල සේවය කරන අයවද ඇතුළත් කරගනිමින් එය ප්‍රමුඛ කාර්යක් සේ සළකා ලබාදෙන ලෙස සීමාසහිත ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සංගමයේ ජාතික සංවිධායක එච්.එම්.උපසේන මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ රටේ ඇතිවන ඕනෑම තත්ත්තවයකදී ආර්ථික මධ්‍යස්ථාන වැසීමෙන් ගොවියාත්, පාරිභෝගිකයාත් අවසානයේ රජයත් අපහසුතාවයට පත්වෙන නිසා මෙම ස්ථාන විවෘත කර තැබීමෙන් ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම හා මිලදි ගැනීම සිදුවීම ගොවියාට හා පාරිභෝගිකයාට සහනයක් සිදුවෙන බැවින් මේ ගැන සැළකිල්ලට ගෙන ආර්ථික මධ්‍යස්ථානවල සේවය කරන අයට මෙම කොවිඩ් එන්නත ලබාදීමේදි යම් ප්‍රමුඛතාවයක් දෙන ලෙස බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවය