පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව සිදුකළ පරීක්ෂණවල වාර්තා අසම්පුර්ණ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය, ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසීමක් සිදුකර තිබේ.
පාස්කු ප්‍රහාරයට අදාළ සැකකරුවන් 42 දෙනෙකු සම්බන්ධයෙන් වු සාක්ෂි ලිඛිතව තහවුරු කරන ලෙසත් තවත් සැකකරුවන් 05 දෙනෙකු පිළිබඳ පරීක්ෂණ අසම්පුර්ණ බවත් පවසමින් නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා වෙත ලිඛිතව දැනුම්දීමක් සිදුකර තිබුණි.
මේ හේතුවෙන් සිය ධුර කාලය අවසන්වීමට පෙර අදාළ සැකකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට නොහැකි වන බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ (15) දිනයේ ප්‍රකාශයක් නිකුත් කළේය.
නීතිපතිවරයා සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ වන විටත් වාර්තාවක් කැඳවා ඇති බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය, ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කළේය.