22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeක්‍රීඩා පුවත්යුපුන්ගෙන් තව වාර්තාවක්.

යුපුන්ගෙන් තව වාර්තාවක්.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක යුපුන් අබේකෝන් ජර්මනියේ පැවැති මලල ක්‍රීඩා තරඟාවලියක දී මීටර් 100 ධාවන ඉසව්ව තත්ත්පර 10.09කින් අවසන් කිරීමට සමත්ව තිබේ.

ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් මීටර් 100 ධාවන ඉසව්වක වාර්තා කළ වේගවත්ම කාලය එය වේ.

ඉතාලියේ පුහුණුවීම්වල නිතර වන යුපුන් අබේකෝන් මලල ක්‍රීඩා තරඟාවලියක දී මීටර් 100 ධාවන ඉසව්ව නියෝජනය කරමින් වාර්තාකළ සිය පෞද්ගලික හොඳම කාලය ද එයයි.

සුළඟේ වේගය තත්ත්පරයට මීටර් 2.2ක් ඉක්මවා යාම හේතුවෙන් එය වාර්තාවක් ලෙස සැලකෙන්නේ නැති බව වාර්තා වේ.

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට නම් යුපුන් අබේකෝන්ට තත්ත්පර 10.05ක් වු පරිසාධන මට්ටමට ළඟා විය යුතු වේ.

මේ අතර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලබන 99 වන මලල ක්‍රීඩා ශූරතා තරඟාවලයේ පළමු අදියර කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (21) ආරම්භ වු අතර එහිදී තරඟ ඉසව් කිහිපයකම අවසන් පූර්ව තරඟ සහ අවසන් තරඟ පැවැත්වුණි.

එහිදී දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් තරඟාවලිය පැවැති අතර ක්‍රීඩා පිටියට ඇතුළුවීමට අවසර හිමිව තිබුණේ අදාළ ඉසව්වට සහභාගී වන ක්‍රීඩකයාට සහ පුහුණුකරුට පමණක් බව වාර්තා වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments