එ.ජා.ප. නායක රනිල් වික්‍රම සිංහ මහතාගේ නම එම පක්ෂයට හිමිවි ඇති ජාතික මන්ත්‍රීධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව වෙතඅද (16) ලැබුණු බවත් එය හෙට (18) රැස්වන මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමෙන් පසු ගැසට් කිරීමේ කටයුතු සිදුකරන බව එම කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා ප්‍රකාශ කරයි.
ඉකුත් වසරේ පැවති මෙවර මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයටහිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත දන්වා යවා තිබෙන එම පක්ෂයේ ලේකම් හිටපු ඇමැති පාලිත රංඟේ බණ්ඩාර මහතා ඉකුත් දින ප්‍රකාශ කළ අතර එම පක්ෂයේ සභාපති හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා මේ පිළිබඳ දිගින් දිගටම මේ පිළිබඳ ප්‍රකාශ නිකුත් කළේය.