මන්ත්රීවරුන් සඳහා සුඛෝපබෝගී වාහන ගෙන්වීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් අද ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරිණි. ජවිපෙ හිටපු පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ, නීතීඥ සුනිල් වටගල යන අය එම අවස්ථාවට සහභාගි විය.
ඒ අනුව, එලෙස පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා වාහන ආනයනය නීතිවිරෝධී බවට සහ ණයවර ලිපි නිකුත් කිරීම නීතිවිරෝධී බවට ප්ර්කාශ කරන ලෙස පෙත්සමෙන් අයැද ඇති අතර, යම් හෙයකින් වාහන ආනයනය කරනු ලැබුවහොත්, ඊට අදාළ සියලු තීරු බදු සහ අනෙකුත් බදු අයකරන ලෙසත්, එම වාහන ප්රසිද්ධ වෙන්දේසියේ විකුණා මහජන මුදලින් දරණ ලද සියලු වියදම් සහ රාජ්ය ආදායම් අහිමිවීම් රජයට අය කර ගැනීමට කටයුතු කරන ලෙසත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ශ්රේිෂ්ඨාධිකරණය වෙත ඇති අවස්ථාගත කරුණු අනුව යුක්ති සහගත යයි හා සාධාරණ යයි ශ්රේිෂ්ඨාධිකරණය සලකන සහන ප්රදානය කිරීමේ අධිකරණ බලය මත සුදුසු වෙනත් නියෝගයන් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් අයැද ඇත.
ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීමේ තීරණයට එරෙහිව ජ.වි.පෙ. ශ්‍රේෂ්ඨාධිකරණයට යයි.
RELATED ARTICLES