එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩ පිළවෙල සම්බන්ධව තීරණාත්මක සාකච්ඡාවක් නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටියේ රැජිණ වීදියේ පිහිටි වජිර අබේවර්ධන මහතාගේ නිවසේ පසුගිය අඟහරුවාදා පැවැත්විණි. පුරා පැය 3 කට අධික කාලයක් පැවැති මෙම සාකච්ඡාවට රුවන්, වජිර, රංගේ, සාගල, අකිල ඇතුලු පක්ෂයේ ප්‍රධානින් මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය ලේකම් සමන් ර්කනායක මහතා ද සහභාගී විය. එක්සත් ජාතික පක්ෂය මෙතෙකේ දියත් කර ඇති පක්ෂයේ වැඩ පිළිවෙළෙහි ප්‍රගතිය සහ ඉදිරියේ සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳව රනිල් දීර්ග වශයෙන් අදහස් දක්වමින් කියා සිටියේ පක්ෂය ජයග්‍රහණය කරා ගෙන යන වැඩපිළිවෙල වේගයෙන් ජනතාව අතරට ගෙන යා යුතු බවයි.
එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කළ වැඩපිළිවෙල කොරෝනා ව්‍යසනය නිසා සුළු පසුබෑමකට ලක් වුණත් එය ඉතා සාර්ථකව එය ඉදිරියට ගෙන යාමට හැකි වූ බව සාකච්ඡාවට එක් වූ සෙසු නායකයෝ එහිදී දිස්ත්‍රික් මට්ටමේ ප්‍රගතිය සමාලෝචය කරමින් කරුණු දැක්වූහ.
එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කර ඉදිරියට ගෙන යන ගමන් රට මුහුණ පා සිටින ජාතික අර්බුධයෙන් ගොඩ ගැනීම සඳහා වන තිරසර වැඩපිළීවෙලකට නොපමාව අවතීරණය වීමේ අවශ්‍යතාවය මෙහිදී රනිල් පෙන්වා දුන්නේය.
අතීතයේ සිට මේ දක්වා බලයට පැමිණි ආණ්ඩු විවිධ ප්‍රතිපත්ති ක්‍රියා කරමින් කටයුතු කළ නිසා මේ වන විට රට අර්බුධ ගණනාවකට මුහුණ දී සිටිනවා. මෙලෙස ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වන ප්‍රතිපත්ති වෙනුවට ජාතික ප්‍රතිපත්ති රාමුවක් රටේ ඇති කරගත යුතුයි.
ඒ ප්‍රතිපත්ති රාමුව ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන යකඩ ප්‍රතිපත්ති රාමුවක් විය යුතුයි. අඩුම වශයෙන් එය අඛණ්ඩව අවුරුදු 15 ක් 20 ක් හෝ ක්‍රියාත්මක විය යුතුයි. එහෙම නැතිව මේ රට ගොඩගන්න බැහැ.
රනිල්ගේ මෙම යෝජනාව සියලු දෙනාගේ ඇගයිමට ලක් වූ අතර මෙම යකඩ ප්‍රතිපත්ති රාමුව රටේ නීතියක් බවට පත් කිරීමේ අවශ්‍යතාවය එහිදී වජිර පෙන්වා දුන්නේය. රට පත්ව තිබෙන තත්ත්වයෙන් ඉදිරියට යාම සඳහා එවැනි ප්‍රතිපත්ති රාමුවක් අවශ්‍ය බව පෙන්වා දුන් වජිර ඒ සඳහා රටේ උගතුන්, බුද්ධිමතුන්ගේ සහභාගීත්වය ලබා ගත යුතු බව අවධාරණය කළේය.
රටේ අනෙකුත් දේශපාලන පක්ෂ, බහු ජන සංවිධාන ඇතුළු සියලු පාර්ශවයන් සමග මෙම වැඩ පිළිවෙල සම්බන්ධව සාකච්ඡා කර ඔවුන්ගේ ද අදහස් ලබා ගත යුතු බව මෙහිදී දීර්ග වශයෙන් කරුණු දක්වමින් රුවන් ප්‍රකාශ කළේය.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව ඊට සහභාගී වූ නායකයෝ රනිල් පාර්ලිමේන්තු යාම වෙනුවෙන් ඔවුන් සූදානම් කළ වැඩ පිළිවෙල සම්බන්ධව ද සිය නායකයා දැනුවත් කළහ.
ඒ අනුව රනිල් පාර්ලිමේන්තු යන 23 වනදා අලුයම වන විට දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා රටේ සෑම ප්‍රදේශයකම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි බසින් “රටට ඇවැසි මොහොතයි“ යනුවෙන් රනිල්ගේ ඡායාරුව ඇතුලත් බැනර් හා පෝස්ටර් ප්‍රදර්ශනය කිරීමටත් බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි ඇතුලු ආගමික මධ්‍යස්ථාන වලදී 21,22,23 දිනවල ආශිර්වාදය පල කිරීමේ ආගමික වැඩසටහන් පැවැත්වීමටත් සැලසුම් කර තිබෙන බව මෙහිදී සිය නායකයා දැනුවත් කළහ.
ඒ අනුව කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් අගාමික මධ්‍යස්ථානවල ආගමික වතාවත් සිදු කළ අතර 23 වෙනිදා අලුයම වන විට “රටට ඇවැසි මොහොතයි“ යනුවෙන් සඳහන් කරමින් රනිල්ගේ රුව සහිත බැනර් සහ පෝස්ටර් රට පුරා ප්‍රදර්ශනය කර තිබුණි. රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය බදාදා පාර්ලිමේන්තු යාමට පෙර පොල්වත්ත සහ වාලුකාරාම විහාස්ථානවලට ගොස් ආගමික වතාවත් සිදු කර මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
මේ අතර පසුගිය සඳුදා පූජ්‍ය ඇල්ලේ ගුණවංස නාහිමියන් වැඩසිටින ධර්මායතනය වෙත පැමිණි රනිල් සහ වජිර උන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගෙන දීර්ඝ සාකච්ඡාවක නිරත වූහ. වර්තමානය වනවිට රට මුහුණ පා ඇති ඛේදනීය තත්ත්වයත් රට ගොඩගැනීම සඳහා ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාවය පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් දෙපාර්ශවය විසින් කරුණු හුවමාරු කරගන්නා ලදි.
පසුගිය බදාදා පාර්ලිමේන්තු පැමිණි රනිල් වික්‍රමසංහ මහතා ඉන් අනතුරුව නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට ගොස් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. මෙම අවස්ථාවට වජිර ප්‍රමුඛ එජාප ප්‍රධානීන් කිහිප දෙනෙක් සහභාගී වූ අතර එහිදී රට මුහුණ පා තිබෙන වත්මන් තත්ත්වය පිළිබඳව ආනන්ද හිමියෝ දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළහ. උන් වහන්සේගේකරුණු දැක්වීමෙන් අනතුරුව රනිල් මෙන්ම වජිරරට මුහුණ පා ඇති ඛේදනීය තත්ත්වය හා ඉන් රට මුදවා ගැනීම සඳහා ගත යුතු පියවර පිළිබඳව දීර්ඝ වශයෙන් උන්වහන්සේ සමග සාකච්ඡා කළහ.
එ.ජා.ප.යේ ඉදිරි වැඩ ගැනතීරණාත්මක සාකච්ඡාවක්.
RELATED ARTICLES