Face Book ආයතනය හා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) එක්ව නවීන තාක්ෂණය සමග ලෝක රැකියා වෙළද පොළට ගැළපෙන වෘත්තීකයන් නිර්මාණය කිරිමේ ක්‍රියාවලියේ තවත් එක් පියවරක් ලෙස ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ උපදේශක මහත්ම මහත්මීන්ට Digital Plat Form භාවිත කරමින් වෘත්තීය අධ්‍යාපනය සිදු කිරීම සදහා අවශ්‍ය මූලික දැනුම ලබා දීමේ පුහුණු වැඩසටහනක් පසුගියදා ආරම්භ විය.
වෘත්තීය පුහුණුව ලබන දූ දරුවන්ට තාක්ෂණික දැනුම ලබා දීමේ මූලික පරමාර්ථය පෙරදැරිව තවත් එක් පියවරක් ලෙස දරුවන්ට වෘත්තීය පුහුණුව ලබා දෙන උපදේශකවරුන්ගේ තාක්ෂණික අවබෝධය පුළුල් කිරීම මෙහි මූලික අරමුණ යි.
මෙම පුහුණු කිරීමේ ක්‍රියාවලිය පියවර තුනක් ඔස්සේ සිදු කරන අතර එක් පුහුණු සැසියක් සඳහා 25 දෙනෙකුගෙන් සමන්විත පුහුණු කණ්ඩායමක් හරහා සිදු කිරිමට කටයුතු කරනු ලබයි.එහි තවත් පියවරක් ලෙස අද දිනයේ පවත්වන ලද පුහුණු සැසියයි.