22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්නවතම තත්ත්වය සැළකිල්ලට ගෙන නිරෝධායන නීතිරීති වෙනස් විය යුතුයි

නවතම තත්ත්වය සැළකිල්ලට ගෙන නිරෝධායන නීතිරීති වෙනස් විය යුතුයි

කොවිඩ්19 හෙවත් නව කොරෝනා වසංගතයේ නවතම තත්ත්වය සැළකිල්ලට ගෙන නිරෝධායන නීතිරීති වෙනස් විය යුතු බව වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ පෙන්වාදෙයි.

මේ සම්බන්ධයෙන් ඊයේ(07) විද්වත් වෘත්තිකයින්ගේ ජාතික සම්මෙලන ශ්‍රවණාගාරයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වු එහි නීති ලේකම් නීතිඥ කපිල ගමගේ මහතා……..අද මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අවධාරණය කරන්නේ මෙම වසංගතය මතුවු පළමු හා දෙවන අවස්ථාවල වැඩිය තෙවන අවස්ථාවවු වර්තමානයේ තත්ත්වය වෙනස් ඉකුත් සමයේ නිරෝධායනය වු පුද්ගලයෙකි කියා සහතික නිකුත් කරන හොර කච්චේරි ව්‍යාජ නිලමුද්‍රා අසුවෙනවා අපි පසුගිය සමයේ පළවු ප්‍රවෘත්ති මගින් අසන්නට දැකගන්න්ට ලැබුණා. මේ තත්ත්වය දැන් මුදල් උපයන මාර්ගයක් බවට පත්වීගෙන යනවා. ඒ තරමටම සමාජයේ ජීර්ණය වෙලා. මේක දැක්කොත් නීතිරීති අනුමගමනය කරන නොදැක්කොත් නොසළකා අරින නීතිරීති කොටසක් බවට පත්වෙලා තියෙනවා. ඒක හරිම නරක තත්ත්වයක්. පළමු අවස්ථාවේදි කොවිඩ්19 පැමිණියාම තිබුණු තත්ත්වය නොවේ දැන් තියෙන්නේ. දැන් රට ලොක් ඩවුන් කරලා නැහැ. කොරෝනා වසංගතය මුවාවෙන් මුදල් හම්බකරන තත්ත්වයක් තමයි තියෙන්නේ. මේක අයුතු ආකාරයට භාවිතා කිරීම් දියුණු වෙලා කියලා කියන්න පුළුවන්. මේ තත්ත්වය මත අපිට ආරංචිවෙනවා රුසියානු ගුවන් නියමුවන් නිරෝධනයනය නොවි කොහොමද ඒ අය හෝටලයට ගියේ. පසුව ඒ අය පැත්තකට වුණේ කොහොමද යන ප්‍රශ්න පහැදිලි නොවු කාරණයක් වුණා.

එමෙන්ම ඉන්දියාවේ සිට මේ රටට ධීවර වරායන් හරහා නීති විරෝධිව එන පුද්ගලයින්ගේ ප්‍රමාණ ගැන අපිට නිවැරැදි දත්ත නැතැයි මම විශ්වාස කරනවා. මේ ගැන සිතනවිට ඉන්දියාවෙන් එන කහ එන ප්‍රමාණ ගැන මතක් වෙනවා. නීති විරෝධිව එන කම්කරුවන් කොපමණ ප්‍රමාණයක් සංක්‍රමණය වෙනවාදැයි යන ප්‍රශ්න අපිට තියෙනවා. සමාජයක් රවට්ටමින් සමාජය අයුතු ලෙස භාවිතා කරමින් කොරෝනා වසංගතය තවත් සඟවා ගත හැකි වරැදියට භාවිත කළ හැකි තත්ත්වයක් බවට පත්වෙලා තියෙනවා. මේ තත්ත්වය මත අපිට පුළුවන්ද පැරැණි නීතිරීතිවලින් පමණක් වත්මන් තත්ත්වයට මුහුණ දෙන්නට. උදාහරණයක් ලෙස ගත්තොත් 1952දී අපේ නිරෝධායන පනත සංශෝධනය වෙලා තියෙන්නේ. ඒ නිසා මේ පැමිණි වසර හැත්තෑවක ගමනේදී නිරෝධානයේ නීතිරීති වල වෙනස්වීම් අවශ්‍ය නැද්ද. නිරෝධායන රෙගුලාසි දහනවයක් හඳුන්වාදී තියෙනවා. මේවා අදට ගැලපෙන ලෙස සංශෝධනය විය යුතු නැද්ද. 1947දී සම්මත කරගත් මහජන ආරක්ෂා පනතේ 56,71 සහ 98 වගන්ති මගින් පොලිසිය බලගැන්වීමට ගෙන ඇති පියවරයන් ද දණ්ඩනීති සංග්‍රහයේ 262,263 සහ 264 වගන්තිවලින් පැවැරි ඇති බලයද, අපාරාධ නඩුවිධාන සංග්‍රහයේ 22 සහ 107 වගන්තිවලින් පැවැති ඇති බලයද අදට ගැලපෙන සේ යාවත්කාලීන කිරීම අත්‍යාවශ්‍ය විය යුතුයි.

වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණේ ප්‍රධාන ලේකම් ඉංජිනේරු කපිර පෙරේරා මහතා…………කොවිඩ්19 හෙවත් නව කොරෝනා වසංගතයේ තෙවන රැල්ල දැන් ඇවිල්ලා තියෙනවා ශ්‍රී ලංකාව කියන්නේ මෙම වසංගතය හොඳින් පාලනය කළ රටක්. නමුත් එහි තිබෙන භයානක කම පෙන්වමින් දැන් තෙවන රැල්ලත් ඇවිත් තියෙනවා. මෙය කෙසේ හෝ සිදුවි තියෙනවා. මෙම තෙවන රැල්ල කලින් පැමිණි රැලි දෙකට වඩා වෙනස්කමක් තියෙනවා. ඒක අපි කව්රුත් අවබෝධ කරගන්න ඕනේ. පළමු අවස්ථාවේ පුද්ගල සංචරනය නවත්වා මීට මුහුණ දුන්නා. එහිදි ජනතාවටත් මේක අලුත් අත්දැකීමක් වුණා. මෙය වළක්වා ගැනීමට ජනතාවත් උනන්දුවුණා. මෙවර තත්ත්වය වෙනස් වසංගතය පැමිණි මුලාශ්‍රයන් සොයාගන්න නොහැකිවි තියෙනවා. මෙවර හමුවු පොකුර මීට පෙර හමුවු ඒවාට වඩා වෙනස්. ඒ නිසා එහි සුලමුල සොයාගැනීමට රජය බුද්ධි අංශද යොදාගෙන සෑහෙන වෙහෙසක් ගන්න බව පේනවා.

එමෙන්ම ජනතාවට තිබෙන වගකීමත් මෙහිදි පෙන්වාදිය යුතුයි. මේ සඳහා තිබෙන නීතිරීති ක්‍රමවේදයන් අපි අනුගමනය කළ යුතුයි. පසුගිය සමයේ ඒවා එතරම්ම පිළිපදින අයුරු අපි දැක්කේ නැහැ. එම නීති හා ක්‍රමවේද පොලිසිය හෝ බලධාරින් සිටින තැන්වලදී පමණක් ඉටුකරන ස්වරුපයක් මතුවෙලා තියෙනවා. ඒ නිසා ජනතාවත් එක්වී මෙය පාලනය කරන්න සහයෝගය ලබාදීය යුතුයි. එකිනෙකාගේ මඩිය තරකරගන්න කොරෝනා භාවිතා කළ අවස්ථාද තිබෙව බව අපි අසා තියෙනවා. එවැනි දේවලින් මෙය පාලනය කිරීමට බාධා පැමිණෙන කිව යුතුයි. ඒ නිසා ජනතාව වහාම මෙමවසංගතය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරින් ලබාදී ඇති උපදෙස් පිළිපදිමින් අනිවාර්යෙන්ම ක්‍රියා කළ යුතුයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments