කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කෙරෙණු බිළිඳියක් කොවිඩ්-19 වෛරසය ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ.
මාස දහයක බිළිඳියකට එලෙස කොවිඩ්-19 ආසාදනය වි ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය මහතා පැවසීය.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ ලිපිනයක් යටතේ ඊයේ (08) දිනයේ රෝහල් ගත කෙරුණු එම බිළිඳියගේ සිදුකළ පි.සි.ආර් පරික්ෂණයට අනුව කොවිඩ්-19 ආසාදනය වි ඇති බවට තහවුරු වි තිබේ.
එම බිලිදාගේ පියාට කොරෝනා ආසාදිත වී ඇති බව පරීක්‍ෂණ මගින් හෙලි කරගෙන ඇත.
මේ නිසා එම රෝහලේ බිලිදා සිටි වාට්ටු සංකීර්ණයේ සියලු කාර්ය මණ්ඩලය කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.
මේ වන විට දරුවා සහ ඔහුගේ පියා අයි ඩී එච් රෝහල වෙත යොමු කර ඇත.
ලමා රෝහල් අධ්‍යක්ෂවරයා මෙම තොරතුරු තහවුරු කළේය.