එදා වත්මන් ආණ්ඩුවේ නායකයින් විපක්ෂයේ සිටින විට පළාතකවත් නොසිටි අය දැන් ආණ්ඩුවට ඇවිත් පෙරමුණ අරගෙන වැඩකරන හැටි දැක්කාම පුදුම හිතෙනවා ඒ අයගේ කේලාම් වලට අසුවෙලා ආණ්ඩුවට පීලිපනින්න දෙන්න නොහැකි බව
පැවිදි හඬ සංවිධානයේ සභාපති නාරහෙන්පිට අභයාරාමයේ විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ ප්‍රකාශ කළහ.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඉකුත් (08) නාරහේන්පිට අභයාරාමයේදී පැවැති පැවැදි හඬ සංවිධානයේ මාධ්‍ය හමුවට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් කතා කළ මුරුත්තෙට්ටුවේ අනාන්ද හිමියෝ මෙසේද කීහ……….. පැවිදි හඩ සංවිධානය ඉකුත් මැතිවරණ වලට පෙර සිටිම අතිසම්භාවනීය මහා සංඝරත්නයෙන් සමන්විත සංවිධානයකී. මෙම සංවිධානයට කිසිම දේශපාලඥයකුගෙන් හා ඔවුන්ගේ අනුගාමිකයින්ගෙන් කිසිදු වරප්‍රසාදයක් ලබාගෙනත් නැහැ ලබාගන්න බලාපොරොත්තුවකුත් නැහැ. රටට ජාතියට කරදරයක් සිදුවන සෑම අවස්ථාවකම ඉදිරියට පැමිණ කටයුතු කළේ රටේ සංඝයා වහන්සේලායි. ඒ නිසා ජාතියේ මුරදේවතාවන් ලෙස කව්රුත් හඳුන්වනවා. මෙම සංවිධානයේ එකම ප්‍රාර්ථනාව රටේත් ජනතාවගේ සුබසිද්ධියයි.
ඉකුත් සමයේ අපි ගත කළේ සෑම අංශයකම පිරිහුණු කාලයකී.එම පිරිහුණු යුගය අවසන් කරලා මේ රටට ඔබින නායකයෙක් පත් කරගෙන ඒ නායකයාට මේ රට භාරදීලා රට ඉදිරියට ගමන් කරවීම තමයි ඉන් බලාපොරොත්තුවූයේ. ඒ සඳහා කටයුතු කළේ අපේ පැවිදි හඬ කිව්වොත් එහි අතිශයෝක්තියකුත් නැහැ ඊට අභියෝග කරන්න කිසිවෙකුටත් බැහැ. අපි හදපු ආණ්ඩුව අපි රැකගමු. ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වමින් ඉදිරියට යමු.ඊට ඇහුම්කන් දෙන්නේ නැත්නම් ආණ්ඩුව පළවා හරිමු කියන තැන අපි ඉන්නවා. මේ රටේ කහ සිවුරේ බලය තවම අඩුවෙලා නැහැ. එවැනි බලයක් තියෙනවා කියලා එකිනෙකට ගැතිකම් කරමින් එකිනෙකාට වන්දිබට්ටකම් කරගෙන , ප්රශස්ති ගායනා කරමින් සිටින්න ඉන්නෙත් ඉන්න කැමැතිත් නැහැ. අපි කාගේ වුවත් වැරැද්ද දුටු තැන කතාකරනවා. එය නිවාරැදි කරන්න ක්‍රියාකරනවා. මේ ආණ්ඩුව ගැන කතා කරද්දී ඊට අපිට අයිතියක් තියෙනවා . කලදුටුකළ වල ඉහ ගැනීමේ පරමාර්ථයෙන් සිටින අයත් සිටිනවා අපි එහෙම නැහැ. මේ ආණ්ඩුව හදන්න පුරෝගාමිවු පැවැදි හඬ ආණ්ඩුව නිවැරැදි කරන්න නිරන්තරයෙන් ක්‍රියාකරනවා. ඊට අපිට අයිතියකුත් තියෙනවා. අද ආණ්ඩුවට ළංවී සිටින අය දැක්කාම මහන්සිවු අය නැහැ. විපක්ෂය සමයේ පළාතකවත් නොසිටි අය දැන් නායකයින්ට ළංවෙලා සිටිනවා. ඒ නිසා රටකරවන ආණ්ඩුවට නායකයින්ට කියනවා පැවැදි හඬ අමතක කරන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා. මේ කහ සිවුර අරිහත් ධජය අමතක කරන්න එපා. කව්රු හරි හිතනවානම් භික්ෂූන් වහන්සේලාගෙන් වැඩේ අරගෙන කරපිංචා වගේ විසිකරන්න ඒක මුලාවක්. උදව්කරපු අය අමතක කරලා ආණ්ඩුව පීලි පනින්න හදනවානම් ඊට අපි ඉඩ දෙන්නේ නැති බව වගකීමෙන් යනවා. ඒ නිසා අපි පාලකයින්ට කියනවා මුල අමතක් කරන්න එපා උදව් කරපු ගිහිපැවිදි දෙගොල්ලන්ම අමතක කරන්න එපා. කෘත ගුණ සළකන්න කියා අපි කියනවා.
කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු ආචාර්ය ශාස්ත්‍රපති වේපතඉර හේමාලෝක නාහිමි………..මේ රජය වැරැදි ගමන් මගක යනවානම් එය නිවැරැදි කිරීමේ අයිතිය තිබෙන්නේ භික්ෂූන් වහන්සේලාටයි. ඉකුත් ආණ්ඩුවෙන් රටට සිදුවන විනාශය දැකලා තමයි මේ රටේ භක්ෂූන්ගෙන් 98%ක් එකතුවෙලා එම ආණ්ඩුව පරාජය කිරීමට කටයුතු සිදුකළේ. අපි කිසි දෙයක් මේ ආණ්ඩුවලින් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට ලාභ ප්‍රයෝජන අවශ්‍ය නැහැ රට අගතියට යෑම වළක්වා ගන්නයි අපිට අවශ්‍ය වන්නේ. දැන් කොමිෂන් වල සිදුවන සාක්කිදීම් වලින් පැවැති යහපාලන ආණ්ඩුවෙන් සිදුවූ දේවල් ගැන කියැවෙනවා. එදා ඒවා දැකපු නිසයි අපේ මේ හාමුදුරුවන් පන්සලක් පන්සලක් ගානේ ගමක් ගමක් ගානේ ගොස් කටයුතු කළේ.ඒ මහන්සියට පසෙකට දාලා තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැතිව මේ පාලකයෝ ක්‍රියා කරනවානම් ඒවාට විරුද්ධ වෙන්න අපිට හැකියාවක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ජනතා සේවයයි. එකඑක්කෙනාට සේවය කරන්න නොවේ. එක්එක් අය ළං කරගන්න නොවේ. හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයා නිදහස් කිරීම, පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා සිදුකළ ප්‍රකාශය අපි දැඩි විරෝධයක් එල්ල කරනවා. එදා රිෂාඩ්ගේ මල්ලිව අත්අඩංගුවට ගැනීම පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජනතාව රැවට්ටුවා. දැන් කියනවා වැරැදි නැති නිසා නිදහස් කළා කියලා. අපේ ජනාධිපතිට හා අගමැතිට අපි කිව්වේ එකම රටක් එකම නීතියක් කරන්න කියලයි. රටේ මීට පෙර තිබුණේ එක්එක් අයට වෙන වෙනම නීති. එසේ සිදුවෙන්න බැහැ. පාස්කු ප්‍රහාරයෙන් සිදුවු විනාශය ගැන සිතනවිට එවාට වහාම දඬුවම් දිය යුතුයි.
ඒ එක්කම මේ ආණ්ඩුව බලයට පත් කරන්න හුඟාක් මහන්සිවු විශේෂඥ දොස්තර ජයරුවන් බණ්ඩාර මහතා කිසිම හේතුවක් නොදන්වා ඉවත් කළා. ඒ මහතාගේ වැරැදි තියෙනවා නම් කියන්න.ඒක මනුෂ්‍යත්වයේ නාමයෙන් කළ යුතු දෙයක්ද. මේ ආණ්ඩුව ගැන අපේ විශ්වාසයක් තිබුණා. දැන් ආණ්ඩුවේ දරදිය ඇදලා වෙහෙස මහන්සිවු අය නැහැ. වෙනත් වෙනත් අය තමයි සිටින්නේ. ඒ අය කේලාම් කියලා ඒ අයගේ බලය පෙන්වන්න තමයි සූදානම් වෙන්නේ.
විස්සයි විස්සට අපි එකඟයි රටක් ගෙයක් පාලනය කරන කෙනාට බලයක් තියෙන්න ඕනේ . රජ කාලය ගැන කතාවෙනවා. ඒ අය රජතුමාට බලය තිබුණු නිසයි.
බෙල්ලවිල රජමහා විහාරාධිපති ආචාර්ය ධම්මරතන නාහිමි……………මහා සංඝරත්නය එකමුතු වුණාම ලොකු බලයක් තියෙනවා. ඉකුත් ආණ්ඩුව ඒ බලය අමතක කළා. මමත් අතුළු මේ සියලු දෙනා පක්ෂ දේශපාලනයක් කරන්න කැමැති නොවේ. 19වෙනි සංශෝධනය නිසා මේ රට අගතියට ගිය හැටි දැකපු ජනතාව තමයි වත්මන් ආණ්ඩුවට බලය දුන්නේ. ජනාධිපති හා අගමැති රටට යමක් කළ අයයි. ඒනිසයි භික්ෂූන් වහන්සේලා මේ තරම් ආණ්ඩුවට සහයෝගය දුන්නේ. අපේ රට නිලධාරිවාදයට යටත්වු රටක්. යටත් විජිත සමයේ දිසාපති දිසාපති හමුදුරුවෝ කියන තත්ත්තවයට ගියා ඒ නිසා මේ රටේ නිලධාරිවාදය තිබෙනවා. ඒ සිවිල් පාලනය පොඩි පොඩි වෙනස් කම් ඇතිව ඒ ක්රමයම තමයි දැන් තියෙන්නේත්. ඒ නිසා පාර්ලිමේන්තුවට පත්වෙන නායකයින්ට මේ නිලධාරින් පසෙකලා වැඩකරන්න බැහැ.ඒ නිසා නිලධාරින්ට අවශ්‍ය ලෙස තමයි මේ නායකයින් කටයුතු කළේ. වර්තමානයේ ජනාධිපති යටතේනම් මේ නිලධාරින්ට යටත් වෙලා රටපාලනය කිරීමක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා නිලධාරි වාදය යටපත් කරලා රට ඉදිරියට ගෙන යැයි මම බලාරොත්තු වෙනවා. ගතානුගතික නිලධාරින් ඉවත් කරලා හොඳ නිලධාරින් පත් කරගෙන රට ඉදිරියට ගෙන යායුතුයි. ඒ කලින් වගේතිබුණු පරගැති පාලනය යළි ඇති නොකළ යුතුයි. දොස්තර ජයරුවන්
බණ්ඩාර මහතා ඉවත් කිරීම ගැන කතා කරනවිට සිය සේවය ඉතා හොඳින් ඉටු කළා. කොවිඩ් 19නව කොරෝනා වසංගතය වෙනුවන් හොඳ සේවයක් කළා. එවැනි අයෙක්ව මේ ආකාරයට ඉවත් කළාම ඒ මනුස්සයාගේ මානෂික තත්ත්වය කුමක්ද. පාස්කු සිද්ධිය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා කියන දේ ගැන පමණක් කල්පනා කරන්න බැහැ. එහි පිටුපස සිටින්නේ කව්ද කියා සොයා බැලිය යුතුයි.