මේ සම්බන්ධයෙන් එම සංගමයේ සභාපති අසංක අතපත්තු මහතාගේ අත්සනින් යුතු නිකුත් කර තිබෙන නිවේදනයේ කරුණු තවදුරටත් මෙසේ දැක්වේ. විපක්ෂනායක පාර්ලිමේන්තුවේදී කළ සුවිශේෂි ප්‍රකාශයක් සම්බන්ධයෙන් අප සංගමය මෙම නිවේදනය නිකුත් කරමු.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ භාෂණය නිදහස පිළිබඳ සඳහන්14/1 ආ ව්‍යවස්ථාවේ සඳහන්වන පරිදි ඕනෑම පුද්ගලයෙකුට අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සඳහන්ව ඇත. එලෙස තිබියදී සිරස මාධ්‍ය නාලිකාවේ විකාශන බලපත්‍රය අවලංගු කිරීමට සූදානමක් ඇති බව සිදුකළ ප්‍රකාශයෙන් මේ බව අනාවරණය විය.