29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ලංකා ගොඩනැගිලිද්‍රව්‍යඅලෙවිකරුවන්ගේ සංගමය රුපියල් ලක්ෂ 60 ක් වටිනා PCR යන්ත්‍රයක් සෞඛ්‍ය අමාත්‍යාංශය...

ලංකා ගොඩනැගිලිද්‍රව්‍යඅලෙවිකරුවන්ගේ සංගමය රුපියල් ලක්ෂ 60 ක් වටිනා PCR යන්ත්‍රයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරයි.

මෙරට කොවිඩ් මර්දන වැඩපිළිවලේ දී PCR පරීක්ෂණ කටයුතු සදහා අත්‍යාවශ්‍ය රුපියල් ලක්ෂ 60 ක් වටිනා PCR යන්ත්‍රයක් ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිකරුවන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරන ලදි.

PCR යන්ත්‍රය ජුලි මස 08 දින එම සංගමයේ සභාපති එස්.ටී.එස් අරුලානන්දන් මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා වෙත බාරදෙන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස්. ශ්‍රීධරන්, ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිකරුවන්ගේ සංගමයේ ලේකම් එච්.එම් ජයවීර, සම්බන්ධීකාරක ෂන්මුගනාදන් යන මහත්වරුන් එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments