29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්නැඟෙනහිර පලාතේ ආයෝජනය කිරීමට පෞද්ගලික ආයතන වලට රාජ්‍ය ඇමැති වියාලේන්ද්‍රන්ගෙන් ආරාධනා.

නැඟෙනහිර පලාතේ ආයෝජනය කිරීමට පෞද්ගලික ආයතන වලට රාජ්‍ය ඇමැති වියාලේන්ද්‍රන්ගෙන් ආරාධනා.

නැඟෙනහිර පලාත තුල ආයෝජනය කිරීමට ලංකාවේ පෞද්ගලික ආයතන වලට ආරාධනා කරන බව පසුගාමි ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මැතිතුමා පැවසීය. (08) ගම්පහ මීරිගම ආයෝජන කලාපයේ පිහිටා ඇති Aussee Oats Milling (Pvt) Ltd ආයතනයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමිනි. Aussee Oats ආයතනය යනු දකුණු ආසියාවේ ඇති ප්‍රධානත වස විසෙන් තොර ඕට්ස් (Oats) නිෂ්පාදනය කරන ආයතනයකි.

ඉන්දියානු ශ්‍රී ලාංකික ආයෝජනයක් වශයෙන් පවතින මෙම කර්මාන්ත ශාලාවේ තරුණ තරුණියන් රාශියක් සේවය කරයි. ඒ අනුව විශාල රැකියා ප්‍රමාණයක් ලංකාව තුල උද්දීපනය කර ඇත. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙවැනි ජාත්‍යන්තර ආයතන සමඟ අත්වැල් බැඳ ගනිමින් නැගෙනහිර ප්‍රදේශයේ කර්මාන්ත පුරයක් ආරම්භ කර ජාත්‍යන්තර දැනුම, තාක්ෂණය ඔවුන්ට ලබා දෙමින් නැගෙනහිර ජනතාවට ඔවුන් තුල පවතින කුසලතා වර්ධනය කර ගත හැකි බවයි.

එම නිසා එම ආයතනයේ නිළධාරින්ට මඩකලපුවට පැමිණෙන ලෙස ආරාධනා කරන බවත් එහි පැමිණ නිරික්ෂණය කරන ලෙසත් විශේෂයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ ආයෝජනය කර නව කර්මාන්ත ශාලාවන් ඇති කර දෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ තුලින් නැගෙනහිර පලාතේ තරුණ තරුණියන්ට රැකියා විශෘල සංඛ්‍යාවක් ඇති කර දිය හැකි බවද එතුමා පැවසීය. කොවිඩ් වසංගත තත්වය තුල රට පුරා සංචරණ සීමා පවතින පනවා ඇති නිසා එම සංචරණ සීමා ඉවත් කල පසුව නැගෙනහිර පලාතට නිරික්ෂණ චාරිකාවක් පැමිණ ඒ ගැන සොයා බැලීමට Aussee Oats Milling (Pvt) Ltd ආයතනයේ පාලන අධිකාරිය මෙහිදී එකඟ වූහ.

මෙම නිරික්ෂණ චාරිකාව සඳහා පසුගාමි ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, අග්‍රාමාත්‍ය සම්බන්ධිකරණ ලේකම් සෙන්දිල් තොන්ඩමන් මහතාද, Aussee Oats Milling (Pvt) Ltd ආයතනයේ ප්‍රධානී යාදෙව් මහතා ඇතුළු එම ආයතනයේ පාලන අධිකාරී මහත්වරුන් කිහිපදෙනෙක්ද සහබාගි වී සිටියේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments