21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්පසුගිය වසරට සාපේක්ෂව 2021 වසර අවසන් වන විට තේ අස්වැන්න 30%කින් හා...

පසුගිය වසරට සාපේක්ෂව 2021 වසර අවසන් වන විට තේ අස්වැන්න 30%කින් හා 2022 මාර්තු මස වන විට සමස්ත තේ නිෂ්පාදනය අඩකින් පමණ අඩු වනු ඇතැයි මෙරට කුඩා තේ වතුහිමියන් ඇස්තමේන්තු කර තිබෙන බව සමස්ත ලංකා කුඩා තේ වතු සංවර්ධන සමිති සංවිධානය කියයි.

මතභේදාත්මක රසායනික පොහොර ආනයනය තහනම් කිරීම නිසා මතුව තිබෙන දැඩි පොහොර හිඟයට නිශ්චිත විසඳුමක් නොමැති අවස්ථාවක පසුගිය වසරට සාපේක්ෂව 2021 වසර අවසන් වන විට තේ අස්වැන්න 30%කින් හා 2022 මාර්තු මස වන විට සමස්ත තේ නිෂ්පාදනය අඩකින් පමණ අඩු වනු ඇතැයි මෙරට කුඩා තේ වතුහිමියන් ඇස්තමේන්තු කර තිබෙන බව සමස්ත ලංකා කුඩා තේ වතු සංවර්ධන සමිති සංවිධානයේ සභාපති කේ. එල්. ගුණරත්න මහතා ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා තවදුරටත් මෙසේ කියා සිටියි……..
ශ්‍ර ලංකාවේ සමස්ත තේ නිෂ්පාදනයෙන් 70%කට වැඩි දායකත්වයක් ලබා දෙන කුඩා තේ වතුහිමියන්ගේ ක්ෂේතරේ ය වතුහිමියන් පන්ලක්ෂයකින් සමන්විත වන අතර හෙක්ටයාර 138,900ක්, දිස්තරිු ක්ක 14ක්, දිස්තරින ක් ලේකම් කාර්යාල 123ක් හා ගරාන් ම නිලධාරී වසම් 3692ක් පුරා පැතිර පවතී. එමෙන්ම එම ක්ෂේතරරිකය මෙරට ගරාර මීය ජනගහනයෙන් ආසන්න වශයෙන් 20%ක් වන ගම් පන්දහසකට වැඩි සංඛ්යාමවක ගරාක් මීය ආර්ථිකයන් සමඟ ගැඹුරින් සම්බන්ධ වී ඇත.
මේ පිළිබඳව අදහස් දක්වන සමස්ත ලංකා කුඩා තේ වතු සංවර්ධන සමිති සංවිධානයේ සභාපති කේ. එල්. ගුණරත්න මහතා ‘‘රජයේ දැක්ම සඳහා සහයෝගය ලබා දීමට අප ඉතා උනන්දුවෙන් සිටිනවා. නමුත් එය සාක්ෂාත් කරගැනීම උදෙසා සියලූ කුඩා තේ වතුහිමියන්ගේ සුබසාධනය හා ක්ෂේතර සියේ උන්නතිය සහතික කරනු ලබන පරාැනීයෝගික සැලසුමක් අපට අවශ්ය යි. කුඩා තේ වතුහිමියන් බොහෝ දෙනෙක් මාස දෙකකට ආසන්න කාලයක් පොහොර අහිමි වීමෙන් පීඩා විඳිනවා. තවත් පිරිසක් මේ වන විටත් පොහොර ආනයනය කිරීමේ තහනම පැනවීමට පෙර සිටම පොහොර ලබා ගැනීමේදී විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන අතර ඒ හේතුවෙන් 2021 වසර පුරාවට තේ වගාවන් සඳහා හරියාකාරව පොහොර යොදා නෑ.

අපගේ ක්ෂේත්‍රයේ සිටින බොහෝ දෙනෙකුට තේ යනු ඔවුන්ගේ සැලකිය යුතු එකම ආදායම් මාර්ගයයි. කොවිඞ්-19 වසංගතයේ බලපෑමේ පර බොතිඵලයක් ලෙස ජීවන වියදම ඉතා සීඝරාර යෙන් ඉහළ යාමත් සමඟ මෙම පරවි ජාවන් මේ වන විට දැඩි පීඩනයට ලක් වී සිටිනවා. තම දරුවන්ගේ ආහාර, ඖෂධ හා අධ්යාරපනය වෙනුවෙන් වියදම් දැරීම සඳහා මෙම ක්ෂේත්‍ර විය මත යැපෙන පවුල්වලට අයත් පුද්ගලයින් මිලියන 1.5ක් පමණ අපට සිටිනවා. දැනට පවතින පොහොර නොමැති වීමේ තත්වයත් සමඟ කුඩා තේ වතුහිමියන් දැඩි අර්බුදයකට ලක් වී සිටින අතර මෙයට විසඳුමක් ලබා ගැනීම සඳහා උද්ඝෝෂණ කිරීමට පවා පෙළඹී සිටිනවා. මේ සඳහා ඉක්මනින්ම විසඳුම් ලැබෙන බවට ඔවුන්ට සහතික කිරීමක් අවශ්‍යමයි.

තේ නිෂ්පාදනය අඩු වීමට වැඩි සම්භාවිතාවක් ඇති බැවින් කුඩා තේ වතුහිමියන්ගේ ආදායම අඩු වීම ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කරයි.
ප්‍රවාහනයේ සිට තේ මිලදී ගනු ලබන මුදලාලි දක්වා වූ දෙවන හා තුන්වන මට්ටමේ බොහෝ අංශ මේ ක්ෂේත්‍රය තුළ සිටිනවා. තේ කර්මාන්තය බිඳ වැටීම මෙම සියලූම අංශවලට බලපානු ඇත. මෙම තත්වය කළමනාකරණය කිරීමට නිසි කරසිටමවේදයක් හෝ සැලසුමක් නොමැති නම් ග්‍රාමීය ආර්ථිකය නිසැකවම බිඳ වැටේවි.
අකාබනික පොහොර ආනයනය හා භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීම පිළිබඳ ප්‍රකාශ කිරීමෙන් පසුව පොහොර හිඟය හා දැනට තිබෙන පොහොර තොගවල මිල අධික ලෙස ඉහළ යාම් පිළිබඳව රට පුරා වාර්තා වී තිබේ. මෙරට සමස්ත කෘෂිකාර්මික හා වැවිලි ක්ෂේත්‍රවල ආර්ථිකය සම්පූර්ණයෙන් කාබනික වගාවෙන් යුතු ආරථිකයක් බවට වේගයෙන් පරිවර්තනය කිරීමේ තීරණයේ කොටසක් ලෙස මෙම තහනම ප්‍රකාශයට පත් කෙරිනි.

එවැනි දැක්මක් සාක්ෂාත් කරගත හැකි ආකාරය පිළිබඳව කිසිඳු සිද්ධාන්තයක් නොමැති විට, ආහාර සුරක්ෂිතතාව යන කරුණ පිළිබඳව උණුසුම් කතාබහක් ඇති වී තිබෙන අතර අපනයන බෝග පරිමාව අඩු වීම මගින් දැනටමත් විශාල ආර්ථික අර්බුදයක් ඇති වීමේ ඉඩකඩක් පවතී.

තේ පර්යේෂණ ආයතනයේ නිර්දේශ මත පදනම්ව තේ පැළය වර්ධනය වීමේ අවධිය අනුව විවිධාකාරයේ විශේෂිත පොහොර වර්ග යොදන ආකාරය ගුණරත්න මහතා පැහැදිලි කළේය. අස්වැන්න නෙළීමට පෙර මුල් පද්ධතිය ශක්තිමත් කිරීමට සහ වර්ධනය කිරීමටත්, තේ ගසේ කඳ ශක්තිමත් කිරීමටත් ඒවාට විශේෂිත වූ පොහොර වර්ග භාවිතා කරනු ලබයි. සාමාන්යදයෙන් කුඩා තේ වතුහිමියන්ගේ ක්ෂේතරවිශය තුළ තේ පඳුරුවලින් මසකට 3-4 වතාවක් අස්වැන්න නෙළා ගන්නා අතර පසුව ඊළඟ අස්වැන්න වන තෙක් යථා තත්ත්වයට පත්වීමට තේ ගසට අතිරේක පෝෂක අවශ්‍යවේ.

පොහොර නොමැති වීමෙන් තේ දළු කහ පැහැයට හැරෙන අතර ඒවායේ ගුණාත්මකභාවය නැති වී යනවා. එමෙන්ම දළු නෙලීමට අපහසු වන පරිදි ඒවා දැඩි බවින් ද යුක්ත වනවා. අප කාබනික පොහොර වෙත මාරු වන්නේ නම්, මෙම කර ප මෝපායන් පිළිබඳව කුඩා තේ වතුහිමියන් දැනුවත් කිරීම සඳහා විශාල වැඩ කොටසක් කළ යුතුව තිබෙනවා. තවදුරටත් තේ කර්මාන්තයේ ආදායම අඩු නොවන පරිදි කාබනික පොහොර යෙදීමේ ක්‍රමෝපායන් ක්‍රිත්මක කිරීමට වැඩි වැඩියෙන් ආයෝජනය කිරීමට ද අවශ්‍ය වෙනවා. තවද රසායනික පොහොර තහනමෙන් බලපෑමට ලක් වූ ගොවීන්ට වන්දි ලබා දීමට නම්, ඊට කුඩා තේ වතුහිමියන් ද ඇතුළත් කිරීම අත්‍යාවශ්‍ය වනවා.

මීට පෙර ඔවුන් කුඩා තේ වතුහිමියන්ගේ ක්ෂේත්‍රයට පවා කාබනික වගාව හඳුන්වා දීමට උත්සාහයක් ගෙන ඇතත් ඔවුන්ට කිසි විටෙකත් එම අස්වැන්නම ලබා ගැනීමට නොහැකි වුනා. රජයේ විශේෂඥයින් පවසන දේ සත්ය යක් නම්, කාබනික කෘෂිකර්මාන්තය තුළින් අපට දිගු කාලීන සෞඛ්‍යමත් ජිවිතයක් සහතික කිරීම ඇත්තෙන්ම වැදගත්ය. නමුත් නිසි අස්වැන්නක් නොමැතිව අද වන විට මෙම පවුල්වලට ආහාර ද නොමැති වී තිබෙනවා. එයින් අදහස් වන්නේ ඔවුන්ගේ සෞඛ්‍ය දැනටමත් තර්ජනයට ලක් වී තිබෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments