බස්නාහිර, සබරගමුව පළාත්වල සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල වරින්වර පැයට කිලෝමීටර් 60 -70 ත් පමණ දක්වා ඉතා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
එම තද සුළං තත්ත්වය මහනුවර, මාතලේ සහ නුවරඑළය වන දිස්ත්‍රික්කවලට ද අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.
එමෙන්ම පුත්තලම සිට කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයද පැයට කිලෝමීටර් 60 ත් -70ත් දක්වා ඉහළ යා හැකිය.
අදාළ මුහුදු ප්‍රදේශ මෙන්ම දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ ද රළුවීමේ හැකියාවක් පවතින බැවින් මේ පිළිබද දැඩි අවදානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙයි.