25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ජාවාරම් කරුවන් විසින් රැගෙන ආ කහ කිලෝ 2360ක් වංකාලේ වෙරළ තීරයේදී නාවික...

ජාවාරම් කරුවන් විසින් රැගෙන ආ කහ කිලෝ 2360ක් වංකාලේ වෙරළ තීරයේදී නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 ජූලි මස 11 වන දින මන්නාරම, වංකාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ පාමුර සංචාරයක් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 2360 පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. 

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ ඵුස්සදේව ආයතනය මඟින් මන්නාරම, වංකාලේ වෙරළ ප්‍රදේශයේ 2021 ජූලි මස 11 වන දින රාත්‍රියේ සිදුකළ මෙම විශේෂ පාමුර සංචාරයේදී එම වෙරළ තීරයට නීති විරෝධී ලෙස  මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් ගොඩබාන ලද බවට සැක කෙරෙන උර 60ක අසුරන ලද වියලි කහ කිලෝග්‍රෑම් 2360ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගන්නා ලදී. තවද, වෙරළ ප්‍රදේශයේ නාවික හමුදාව සිදුකරනු ලබන මුර සංචාර හේතුවෙන් ජාවාරම් කරුවන් විසින් රැගෙන යාමට නොහැකිව මෙම වියලි කහ තොගය මෙලෙස ‍වෙරළ තීරයේ දමා යන්නට ඇතැයි විශ්වාස කෙරේ.

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදුකළ මෙහෙයුමේදී නාවික හමුදා භාරයට ගත් වියලි කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments