කොට්ටාව මත්තෙගොඩ පිහිටි කර්මාන්ත ශාලාවක කොටසක් වසා දමා තිබේ.
හොරණ රෝහලේ කොරෝනා ආසාදනය වූ කාන්තාවගේ ස්වාමිපුරුෂය එම කර්මාන්ත ශාලාවේ ඖෂධ අලෙවි සැලක සේවය කිරීම හේතුවෙන් මෙලෙස එහි කොටසක් වසා දමා තිබේ.
එම පුද්ගලයාද පරීක්ෂණය සදහා යොමු කර තිබෙන අතර එහි ප්‍රතිපල තවම ලැබී නැත.