21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්SLT-MOBITEL වෙතින් දරුවන්ට නොමිලේRobotics සහ IoT පිළිබඳ ඔන්ලයින් පාඨමාලා.

SLT-MOBITEL වෙතින් දරුවන්ට නොමිලේRobotics සහ IoT පිළිබඳ ඔන්ලයින් පාඨමාලා.

2021 ජූලි 20, කොළඹ:ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL රටේ අනාගත පරපුරට නවතම තාක්ෂණික දැනුම හා පුහුණුව ලබාදීම සඳහා, Arduino, Robotics සහ IoT (Internet of Things) යන විෂයන් සම්බන්ධයෙන් ඔන්ලයින් පාඨමාලා එකතුවක් නොමිලේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ. තාක්ෂණය මූලික කරගත් ආර්ථිකයක් වෙත ශ්‍රී ලංකාව රැගෙන යාමේ උත්සාහයේ තවත් එක් පියවරක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාවට නංවා ඇත.

ඩිජිටල් අනාගතයකට තරුණ පරපුර යොමුකරවීමේ අරමුණින් නොමිලේ ලබාදෙන ‘Arduino, Robotics සහ IoT පිළිබඳ ආරම්භක පාඨමාලාව’ මෙරට සිසු පරපුර අතර විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු හා ගණිත අධ්‍යාපනය හා නවෝත්පාදනය දිරිගැන්වීමට පිටුබලය සපයනු නිසැක ය. එමෙන්ම එය සුහුරු (Smart) තාක්ෂණයන් භාවිතයෙන් ප්‍රායෝගික විසඳුම් නිර්මාණය කිරීමට තරුණ පරපුර යොමුකරවනු ඇති අතර, අනාගත පරපුරට සන්නිවේදන යටිතල ව්‍යුහයක් සපයමින් රට ඩිජිටල් විප්ලවය කරා රැගෙන යාමට මහඟු දායකත්වයක් දක්වනු ඇත.

SLT-MOBITEL මෙම වැඩසටහනේ පාඨමාලා සම්පාදකයා ලෙස තෝරාගෙන ඇත්තේ මැජික්බිට් (පුද්.) සමාගමයි [Magicbit (Pvt) Ltd]. මැජික්බිට් යනු සිසුන්ට Coding, Electronics, IoT, Roboticsසහ Artificial Intelligence (AI) වැනි විෂයන් රාශියක් පහසුවෙන් පරිශීලනය කිරීමටඋපකාරීවන සුවිශේෂී දෘඪාංග කට්ටලයක් සහ පරිගණක වැඩසටහන් පදනමක් නිර්මාණය කළ සමාගමකි.

ආරම්භක පාඨමාලාව සඳහා අප්‍රේල් මාසයේදී අයදුම්පත් කැඳවනු ලැබූ අවස්ථාවේදී ඒ සඳහා ඉතාමත් උණුසුම් ප්‍රතිචාරයක් ලැබුණු අතර, දිවයිනේ පළාත් 9 න්ම අයදුම්පත් ඉදිරිපත් විය. Technology,IoT සහ Robotics යන විෂයන් දැනටමත් හදාරන සහ ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සිසු සිසුවියන්ට මේ සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබාදෙන ලද අතර, අයදුම්පත් ඉදිරිපත් කළ සිසු සිසුවියන් අතරින් 100 දෙනෙකු තෝරාගෙන ඔවුන්ට මෙම පාඨමාලාව නොමිලයේ හැදෑරීමට අවස්ථාව සලසා දෙන ලදි. උනන්දුව හා හැකියාවන් වැනි සාධක සැලකිල්ලට ගනිමින්, වයස අවුරුදු 12 ත් 18 ත් අතර කාණ්ඩයෙන් මෙම සිසු සිසුවියන් තෝරාගැනිණි.

ඔන්ලයින් වැඩමුළු සහ ප්‍රායෝගික සැසි වලින් සමන්විත මෙම පාඨමාලාව, දිනකට පැය 2 බැගින් දින 8 ක කාලයක් පැවැත්වේ. මේ සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරෙන අතර, ප්‍රථම කණ්ඩායම සඳහා වන පාඨමාලාව මැයි මස පළමු සතියේදී ආරම්භ විය. තවත් කණ්ඩායම් දෙකක් සඳහා සිංහල හා දෙමළ මාධ්‍ය පාඨමාලාවන් ජූනි 12 වැනිදා ආරම්භ විය.

පාඨමාලාවේ ප්‍රමිතිය වඩාත් උසස් මට්ටමින් පවත්වා ගැනීම සඳහා, එක් කණ්ඩායමක් සිසුන් 20 කට සීමා කිරීමට පාඨමාලා සංවිධායකයන් තීරණය කර ඇත. සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුන අතරින් තමන්ට කැමති භාෂාවකින් පාඨමාලාව හැදෑරීමට සිසුන්ට අවස්ථාව සලසා දී තිබේ. පාඨමාලාවට සහභාගී වන සියලුම දෙනාට ‘MagicBit development kit’එකක්බැගින්හිමිවන අතර, එය ඔවුන්ට IoT, Robotics, Programming, Electronicsසහ AI වැනි නව තාක්ෂණයන් ඉගෙන ගැනීමට හා අත්හදා බැලීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත. එමෙන්ම සෑම සැසියකටම Magicbit kit භාවිතයෙන් සිදුකරන ස්වයං-ඉගෙනුම් ක්‍රියාකාරකම් ඇතුළත් වේ.

රටේ ඩිජිටල් තාක්ෂණික පරතරය පියවීමේ ජාතික උත්සාහයටදායකවීමක්ලෙස, මෙම පාඨමාලාවේ පිරිවැය පූර්ණ වශයෙන් දැරීමට SLT-MOBITEL කටයුතු කර ඇත. මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සිසු සිසුවියන්ටwww.mobitel.lk/iot-course වෙත පිවිසීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි වේ. පාඨමාලාව සාර්ථක ලෙස අවසන් කරන සිසු සිසුවියන් සියලුම දෙනාට වටිනා සහතිකයක් හිමිවනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments