28.7 C
Sri Lanka
Monday, June 23, 2025
Homeදේශීය පුවත්උතුරු මැද නාවික විධානයේ නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න වැඩ...

උතුරු මැද නාවික විධානයේ නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න වැඩ භාර ගනී.

රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න උතුරු මැද නාවික විධාන මූලස්ථානයේදී උතුරු මැද නාවික විධානයේ ආඥාපති වශයෙන් 2021 ජූලි 20 වන දින වැඩ භාර ගන්නා ලදී.

උතුරු මැද නාවික විධානයේ ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න වයඹ නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු සිදු කරන ලදි. නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් මගින් ආචාරය පිරිනමමින් උතුරු මැද නාවික විධානය වෙත නව ආඥාපති පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් සංජීව ඩයස් විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් නව අඥාපති වෙත භාර දීම සිදු කෙරිණි.

තවද, උතුරු මැද නාවික විධානයේ ‍‍‍‍‍නිලධාරීන් විසින් සුභ පැතීමෙන් අනතුරුව, රියර් අද්මිරාල් සංජීව ඩයස් වෙත නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර මුරයක් පිරිනමා  උතුරු මැද නාවික  විධානයෙන් සමුදීම සිදු කෙරිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments