කොව්ඩ් 19 වෙරසය මේවන ව්‍ට මුලු ලෝකයට දැඩ් බලපෑමක් එල්ල කර ඇති බවත් සමස්ථ ලෝකයම අඩපණ කිරීමට මෙයට හැකිවී ඇති බැව්‍ද වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.
පසුගාමි ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මැතිතුමා මේ අදහස් දැක්වූයේ ඊයේ දින (28-07-2021) මඩකලපුව දිසා රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.මෙම අවස්ථාවේදී අමාත්‍යවරයා රෝහලේ අධ්‍යක්ෂකතුමිය මෙන්ම අනෙකුත් කාර්ය කාර්ය මණ්ඩලද හමුවී රෝහලේ අඩුපාඩු මෙන්ම රජය මගින් රෝහලට වියයුතු දේ පිළිබඳවත් සාකච්ඡා කරන ලදී.මෙහිදී රෝහලේ අධ්‍යක්ෂකතුමිය වන ෛවද්‍ය කේ.කනකලිංගම් මහත්මිය පැවසූවේ මඩකලපුව දිස්ත්‍රික්කයේ කොව්ඩ් පාලනය රෝහලේ සියලුම දෙනා ඇප කැපවී සිටින බවත් මේවන විට මෙය පාලනය කිරීමට ලැබෙන වැක්සීන් ජනතාවට කඩ්නම්න් ලබා දෙන බවත්ය.දැනටමත් ගර්භනී මව්‍වරුන්ටද‚ වයස 60 වැඩ් අයට ලබා දෙන බවද අධ්‍යක්ෂකතුමිය පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරයා රෝහලේ කාර්ය මණ්ඩලයට පැවසූවේ රෝහලේ අඩුපාඩු පිළිබඳව සෞඛ්‍යය ඇමැතිතුමිය හා සෞඛ්‍යය අමාත්‍යංශය දැනුවත් කරන බවත්ය.ඉදිරියේදී තවත් වැක්සීන් ලැබෙන බවත් වයස 30ට සියලු දෙනාටම හැකි ඉක්මනින් වැක්සීන් ලබාදීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා රෝහලේ කාර්ය මණ්ඩලයෙන් ඉල්ලීම් කරනු ලැබීය.
මෙම සාකච්ඡාව සදහා මඩකලපුව දිසා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ෛවද්‍ය M.මාදන් මහතා ඇතුළු රෝහලේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු සහබාගි වූහ.