සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති T20 තරඟාවලිය, තරඟ 2-1ක් ලෙස ජය ගැනීමට සත්කාරක ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය.
ඒ අද (29) අවසන් වූ තෙවැනි විස්සයි 20 තරඟය ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 7කින් ජයගැනීමත් සමගය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සංචාරක ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 81ක් ලබා ගැනීමට සමත් වුණි.
එහිදී කුල්දීප් යාදව් නොදැවී ලකුණු 23ක් රැස්කළ අතර බුවනේශ්වර් කුමාර් ලකුණු 16ක් රැස් කිරීමට සමත්විය.
පන්දු යැවීමේදී වනිඳු හසරංග ලකුණු 9කට කඩුලු 4ක් දවාගත් අතර නායක දසුන් ශානක කඩුලු 2ක් දවාගත්තේය.
පිළිතුරු ලෙස ජයග්‍රහණය ට අවශ්‍ය ලකුණු 82 කඩුලු 3ක් පමණක් දැවී ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
මෙය ඉන්දියාව පරාජය කර ශ්‍රී ලංකාව ලබා ගත් පළමු T20I තරඟාවලි ජය ලෙස සටහන් වෙයි.
