25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්සමන් රත්නප්‍රියලා, ජෝශප් ස්ටාර්ලින්ලා යහපාලනයේ හිතවතුන් ඒ ආණ්ඩුව පැවැති අවස්ථාවේ මේ...

සමන් රත්නප්‍රියලා, ජෝශප් ස්ටාර්ලින්ලා යහපාලනයේ හිතවතුන් ඒ ආණ්ඩුව පැවැති අවස්ථාවේ මේ ගැටලු විසඳන්න උනන්දු වුණෙ නැත්තේ ඇයි කියන එක ජනතාව තේරුම් ගත යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර විමසයි

ඒ මහතා මේ බව සඳහන්මේ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින්ය.එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය……. දිනවල වැඩවර්ජන රැල්ලක් තිබෙනවා. අපිත් වෘත්තීය සමිති ක්‍රියාකාරිකයින් හැටියට වර්ජන විරෝධතා කටයුතු කර තිබෙනවා. නමුත් මේ හෙදියෝ, ගුරුවරු පසුගිය ආණ්ඩුකාලේ මේ වර්ජන සිදුකළාද කියන්න ප්‍රශ්නයක්.

හෙදියන්ගේ වර්ජනය අරගෙන යන්නේ සමන් රත්නප්‍රිය මහතායි. ඒ මහතා ඉකුත් සමයේ එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයායි. ඒ මහතා මේ ප්‍රශ්න විසඳන්න අවශ්‍යතාවයක් තිබුණා නම් ඒ කාළේ කරන්න තිබුණා ඒ කාලේ යුද්ධයක්, වසංගතයක් කිසිදු ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අද සෑම ප්‍රශ්නයක්ම විසඳගන්න හදන්නේ මේ අවස්ථාවේයි. මේ අය ගැන ජනතාවට අවබෝධයක් තියෙනවා.ලෝක වසංගත තත්ත්වයත් සමග අපි සෑම අර්බුදයකටම ලක්වී තිබෙන අවස්ථාවක්. ලෝකයේ බලවත් රටවලුත් හැදවැටෙමින් තිබෙන අවස්ථාවක් මේක. ආර්ථිකය කඩාවැටෙන වේලාවක ඉල්ලීම් ලබාදෙන්න නොහැකි අවස්ථාවක මේ විදියට ඇවිත් ආණ්ඩුවට බෙල්ලටම පිහිය තියලා ගැටලු විසඳගන්න හදන්නේ සාමාජිකයාගේ අයිතීන් දිනා දෙන්න නොවේ කියන එක පැහැදිලියි. එහෙම කරනවා නම් ඉකුත් ආණ්ඩුව සමයේ ඒවා කරගන්න තිබුණා. සමන් රත්නප්‍රියලා පාර්ලිමේන්තුවේ සිටින විට මේ ප්‍රශ්න මතුවුණේ නැහැ. දැන් විශාල අරගලවලට යන්නේ. ඒ නිසා සියලු වෘත්තීකයින්ට අපි මතක් කරනවා මේ වර්ජන, උද්ඝෝෂණ, විරෝධතා අපිට අවශ්‍යයි. ඒ වගේම රට හා ජනතාවගේ ගැටලු පිළිබඳ අවබෝධයක් තිබෙන්න ඕනේ. ජනතාව බිල්ලට දීලා දරුවෝ බිල්ලට දීලා අයිතිවාසිකම් තහවුරු කරගන්න යනවා නම් ඒ තුල යම්ප්‍රශ්නයක් තිබෙන බව පැහැදිලියි.
ඉකුත් ආණ්ඩුව සමග ස්ටාර්ලින් මහත්තයත් බොහෝම ළඟින් වැඩකළා. රනිල් මහත්තා පාර්ලිමේන්තුවේ කිව්වා ජෝශප් මහත්තයා ඒ අයගේ ළඟින් වැඩකළා ඒ මහත්තයාව ජාත්‍යාන්තරය දන්නවා. ඒ කියන්නේ මේ අය ඒ ආණ්ඩුවත් සමග හොඳ ඩීල් එකක හිටියා.

ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන
රාජ්‍ය අමාත්‍
රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා……ලෝකයේ බලගතු රටවල් කොවිඩ් 19 නිසා අසරණ වෙලා තිබෙන අවස්ථාවක අපි තව දෙපයින් නැගි සිටමින් කටයුතු කරමින් සිටිනවා. එන්නත්කරණය අතින්ද අපි ලෝකයේ ඉදිරියෙන් සිටින අතර ආසියාවේ බැලුවාම අපි ඉදිරියෙන්ම සිටිනවා. ඒ ගැන ලෝකයේ ප්‍රසිද්ධ වෙලා තිබෙනවා. අපි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කරන අවස්ථාවක ඒ මහතා පැවසුවේ අමෙරිකාවේ ගිය අවස්ථාවේදී සොයා බලනවිට දැනගන්න ලැබුණේ ඒ රටේ එන්නත් වර්ග තුනයි භාවිතා කරන්නේ අපි වර්ග කිහිපයක්ම භාවිතා කරනවා.

අපි උත්සහ කරනවා ජනතාවගේ අවශ්‍යතාවය අනුව එන්නත් ලබාදෙන්න. යුරෝපයේ වැඩකරමින් සිට මෙහි පැමිණි සිටින ශ්‍රී ලාංකිකයින් ඉන්නවා පුත්තලමේ , වෙන්නප්පුව වැනි ප්‍රදේශවල ඒ අයට ෆයිසර් වගේ එන්නතක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ අයට ශ්‍රී ලංකා යුදහමුදාවේ වෙබ්සයිට් එක හරහා ලියාපදිංචිවි එන්න පුළුවන්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අපිට නිරන්තරයෙන් උපදෙස් දෙන්නේ මේ එන්නත් කරණය විධිමත්ව හා කරගන්න ජනතාව එම් වැඩ සටහන අතර පාලමක් වෙන්න කියලයි. ඒ අනුව රටේ සියලුම ජනතාව එන්නත් කිරීම තමයි ඒ මහතාගේ බලාපොරොත්තුව.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments