ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, රුහුණු කතරගම මහා පෙරහරට සිය බැතිබර දායකත්වය ලබා දුන්නේය. වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ විසින් නිර්දේශකර ඇති සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව එම පෙරහර පසුගියදා වීදි සංචාරය කෙරිණි.
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය වාර්ෂිකව සංවිධාන කරනු ලබන එම පෙරහැර සම්ප්‍රදායික චාරිත්‍ර සහ වතාවත් පිළිබිඹු කරන ජාතික මහෝත්සවයක්වන අතර එය සාර්ථක කර ගැනීම සඳහා SLT-MOBITEL Mobileහි ප්‍රධාන අලෙවි නිලධාරී ශෂික සෙනරත් මහතා රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේතුමන් වෙත දායකත්වය පිරිනැමුවේය.