ඒ මහතා මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලය (02) පැවැති මාධ්‍ය හමුවේ දීය.ඒ හේතුවෙන් ලෝකයේ තිබෙන භයානකම රටවල් අතරට අපේ රට වැටිලා .අපි දැක්කා ලෝකයේ රටවල් වල ඉන්න නායකයින් තමන්ගේ හිතුමතේට තීන්දු තීරණ ගැනීම නිසා විශේෂයෙන්ම බෝවන රෝගයට අදාළ විශේෂඥයන්ගේ උපදෙස් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් අනුව කටයුතු නොකරපු නිසා සියලුම රාජ්‍යයන් වලට සිද්ද උනේ ජනතාවට ජීවිතවලින් වන්දි ගෙවන්නයි. උදාහරණයක් තමයි ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ කාලයේදී මොකද්ද සිදුවුණේ හිතුමතේට විශේෂඥයින්ගේ උපදෙස් පතන්නෙ නැතුව ලොක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නැතුව සිදුකර ක්‍රියාවලිය තුළ ඇමරිකානු ජනතාව ලක්ෂ පහකට වඩා ජීවිත වලින් වන්දි ගෙවන්න සිදු වුනා එවැනිම අවාසනාවන්ත රටක් ලෙස බ්‍රසිලයත් පත්වුණා එම රටේත් ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශයේ උපදෙස් පිළිපදින්නේ නැතුව හිතුමතයට තීන්දු තීරණ ගත්තා ලෝක සෞඛ්‍ය සංවිධානය වෛද්‍ය විශේෂඥයින්ගේ උපදෙස් පතන්නේ නැතුව තමන්ට හිතෙන විදියට උද්දච්ච කමින් කටයුතු කරා එම නිසා බ්‍රසීලයේ විශාල මරණ සංඛ්‍යාවක් අද වන විට සිදුවෙලා එවැනි උදාහරණ ඕනෑ තරම් තියෙනවා අද ලංකාවෙත් ඇති වෙලා තිබෙන්නේ එම තත්ත්වයමයි රටේ රාජ්‍ය පාලකයෝ තමන්ට හිතෙන දේවල් කරන්න යනවා විශේෂඥයින්ගේ උපදෙස් අනුව කටයුතු කරන්නේ නැහැ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු අඟවන වෙලාවට මේ අය රට අරිනවා අවශ්‍ය වෙලාවට රට වහන්නේ නැහැ මෙම කාරණා තුළ අද ලංකාවේ එන්නත් කරණය කිසිම පිළිවෙලක් නැහැ අද ඇතිවෙලා තිබෙන තත්වය ඉතාම භයානකයි අපේ රටේ විශේෂඥයෙක් වන මලික් පීරිස් මහත්මා කියනවා මේ තත්ත්වය තුල ඉදිරි මාස දෙක තුන ඉතාම භයානක තැනකට යන්න පුළුවන් කියලා අපේ රටේ ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍ර ලෙස පැතිරෙමින් තිබෙනවා වෛද්‍ය සංගම් වල වෛද්‍යවරුන් පවා එය ප්‍රකාශ කරනවා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මේ වන විට අපේ රටට අනතුරු අඟවලා තිබෙනවා එවැනි වෙලාවක තමයි රාජ්‍ය සේවා පළාත් පාලන පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම් හරහා චක්‍රලේඛනයක් නිකුත් කරන්නේ එය රටේ සාමාන්‍ය තත්වය අනුව රාජ්‍ය සේවකයා වැඩට එන්න ඕනේ කියලා අපි අහනවා රජයෙන් දැන් රටේ තිබෙන්නේ සාමාන්‍ය තත්ත්වය ද කියලා