21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්SLT-MOBITEL වෙතින් කටුවන ප්‍රදේශයට නව 4G කුලුනක්

SLT-MOBITEL වෙතින් කටුවන ප්‍රදේශයට නව 4G කුලුනක්

 ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන, බූකෙන්දයාය ප්‍රදේශයේ ස්ථාපිත කළ නව 4G කුලුන පසුගිය ජූලි 30 වන දින විවෘත කෙරිණි. ග්‍රාමීය ප්‍රදේශ වල සන්නිවේදන පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ක්‍රියාවට නංවා ඇති ‘ගමට සන්නිවේදනය’ ව්‍යාපෘතියේ තවත් පියවරක් වශයෙන් මෙම කුලුන ස්ථාපිත කරන ලදි.  

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඕෂධ සේනානායක මහතා සහ SLT-MOBITEL සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න මහතා ඇතුළුව ආයතන ද්විත්වය නියෝජනය කරන නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.  

2022 වසර අවසානය වන විට මෙරට සමස්ත ජනගහනය ආවරණය වන පරිදි සන්නිවේදන පහසුකම් පුළුල් කිරීම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ඉලක්කය වී ඇති අතර, SLT-MOBITEL ඒ සඳහා තම දායකත්වය පුළුල් මට්ටමින් ලබාදෙමින් සිටී. ඉදිරියේදී ‘ගමට සන්නිවේදනය’ ව්‍යාපෘතිය යටතේ තවත් ප්‍රදේශ රැසක මෙවැනි සන්නිවේදන කුලුනු ස්ථාපිත කිරීමට SLT-MOBITEL අපේක්ෂා කරයි.  

සියලුම ශ්‍රී ලාංකිකයන්ට ඩිජිටල් තාක්ෂණයන් භාවිතා කිරීමට අවශ්‍ය පහසුකම් හිමි වන අනාගතයක් උදාකර දීම SLT-MOBITEL හි පරමාර්ථය වී තිබේ. ‘ගමට සන්නිවේදනය’ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග අත්වැල් බැඳගැනීම මගින්, රටේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යටිතල ව්‍යුහය ශක්තිමත් කිරීමටත්, ජනතාව සවිබල ගැන්වීමටත්, ඩිජිටල් පරිවර්තනය ඔස්සේ රටේ සෞභාග්‍යය උදාකිරීම උදෙසා දායක වීමටත් SLT-MOBITEL සමත් වී ඇත.  

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments