29.2 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPමුහුදේදී රෝගී තත්වයට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය.

මුහුදේදී රෝගී තත්වයට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය.

ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 71ක් පමණ (කිලෝ මීටර් 131ක් පමණ)  දුරින් වු  ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයක් ඇතිවු  මෙරට බහුදින ධීවර යාත්‍රාවක ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සදහා යොමු කිරිමට නාවික හමුදාව 2021 අගොස්තු මස 04 වන දින රාත්‍රියේ කටයුතු කරන ලදී.

බේරුවල ධීවර වරායෙන් 2021 ජූලි මස 13 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස්  තිබූ ‘යස ඉසුරු 1’ නැමැති බහු දින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු මෙලෙස හදිසියේ රෝගි තත්ත්වයට පත්වී ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි සාගරික මුදවා ගැනීම් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දෙන ලදී.

ඒ අනුව, එම දැනුම් දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, රෝගී තත්ත්වයේ සිටි එම ධීවරයා ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒම සදහා දකුණු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක මුර යාත්‍රා බලඝනයට අයත් පී 422 යාත්‍රාව එම ධීවර යාත්‍රාව තිබූ මුහුදු ප්‍රදේශයට යොමු කරන ලද අතර, රෝගී තත්ත්වයේ සිටි ධීවරයා වෙත ප්‍රථමාධාර ලබා දෙමින් කඩිනමින් ගාල්ල වරාය වෙත රැගෙන විත් ප්‍රතිකාර සඳහා ගාල්ල, කරාපිටිය රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

තවද, ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව නිරත්නතර සුදානමෙන් සිටී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments