අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා අද(06) අලුයම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතා අදහස් පළ කළේ ය.
ඒ, අද පැවති මාධ්‍ය හමුවකදීය.සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතා,…..පොලීසියේ මහා විශාල සේනාවක්, හොරෙකු අල්ලන්නට ගියා සේ ඒ සිසුවා හොරෙකු විදියට සලකලා අපරාධකාරයෙකු විදියට සලකලා ඒ කරන්නට ගිය ක්‍රියාවලිය මුළු මහත් විශ්වවිද්‍යාල ප්‍රජාව සහමුලින්ම හෙළා දකිනවා. ජාත්‍යන්තර ප්‍රජාවට මේ කාරණා සම්බන්ධව කතා කරන්නට ඉඩ නොතබනු. සමස්ත ජනතාව තලාපෙලා මේ ගෙනියන ප්‍රශ්නය හරහා මේ කරන තාඩන පීඩන, පීඩක හේතුකොටගෙන අපේ රට ජාත්‍යන්තර වශයෙන් විහිළුවක් බවට පත් කරන්නට එපා. අපි සියලු දෙනා මුදලිගේ ශිෂ්‍යයාගේ ප්‍රශ්නය දකින්නේ සමස්ත තරුණ ප්‍රජාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් විදියටයයි.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා කියා සිටියේ සිවිල් වශයෙන් නිවෙස්වල සිටිස විට මෙසේ අත්අඩංගුවට ගැනීම භයානක තත්ත්වයක් බවයි.