21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්ලංකා බැංකුව මෙම වසරේ මුල් කාර්තුව තුළ වැඩි ලාභයක් උපයයි.

ලංකා බැංකුව මෙම වසරේ මුල් කාර්තුව තුළ වැඩි ලාභයක් උපයයි.

ලංකා බැංකුව, 2021 පළවෙනි කාර්තුව තුළ රු.මි. 19,656 බදුරහිත ආදායමක් උපයා ඇති බව පසුගියදා (30) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතිත්වයෙන් පැවති රජ‍යේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විණි.මීට සාපේක්ෂව 2019 වර්ෂයේදී එම බැංකුව රු.මි. 29,685 ක වාර්ෂික ලාභයක් උපයා ඇති අතර 2020 වසරේදී වාර්ෂිකව උපයා ඇති ලාභය රු.මි. 23,552ක් බවද මුදල් අමාත්‍යංශය විසින් 2021 වසර මැද තත්ත්ව වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී අවධානයට ලක්විණ.කොවිඩ් 19 වාතාවරණය මධ්‍යයෙහි දේශීය බැංකුවක් විසින් මෙම ලාභය ඉපයීම රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රෙම්ජයන්ත මහතා විසින් ඇගයීමට ලක් කෙරුණු අතර එහිදී  පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේ අසීරුකාරී ගෝලීය තත්ත්වයකදී රාජ්‍ය බැංකුවක් විසින් ලාභ ඉපයීමෙහි වාසි දක්නට ඇතද සිය පාරිභෝගිකයන් අතිශය පීඩාවකට මුහුණ දී සිටියදී ඔවුන්ට සහන ලබ‍ාදීමටද බැංකුව විසින් කටයුතු කළයුතු බවය.මීට අමතරව, 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත ප්‍රකාරව රජය විසින් 2017.10.26 දිනැති අංක 1ක 2042/21 දරන ගැසට් නිවේදනය සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද 2228/833 හා 2021.02.20 දිනැති ගැසට් නිවේදනයටද පසුගියදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනුමැතිය හිමිවිණ.මාර්ගස්ථ ක්‍රමයට පැවති මෙම රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සඳහා මුදල් අමාත්‍යංශ සහ භාණ්ඩාගාර ලේකම් එස්. ආර් .ආටිගල මහතා ,  ආර්ථික ප්‍රකිපත්ති හා සැලසුමි ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශ ලේකම් අනූෂ පැල්පිට, ප්‍රාථමික සෞඛ්‍ය සේවා,වසංගත රෝග හා කොව්ඩ් රෝග පාලනය පිළිබඳව රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනේත්‍රා ගුණවර්ධන මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගී වූහ.කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රෙම්ජයන්ත, ආචාර්ය නාලක ගොඩහේවා,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා සහ කුමාර වෙල්ගම යන මහත්වරු සහභාගීව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments