28.1 C
Sri Lanka
Sunday, May 11, 2025
Homeදේශීය පුවත්මිල වැඩිකළානම් කිරිපිටි හිඟයක් නැහැ.

මිල වැඩිකළානම් කිරිපිටි හිඟයක් නැහැ.

රජය පාරිභෝගිකයා වෙනුවෙන්ම කටයුතු කිරීම නිසා තමයි කිරිපිටි ගැන මෙවැනි ප්‍රශ්නයක් මතුවි තිබෙන්නේ.මිල වැඩිකරන්න දුන්නා නම් ගැටලුවක් නැහැ. පාරිභෝගික ජනතාව ඒ පිළිබඳ තේරුම්ගත යුතු බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කරයි.

ඒ නිසා මෙම ගැටලුව විසඳෙන තුරු කිරිපිටි මිලදී ගැනීමේදි තොග ගණන් ගන්නේ නැතිව තමන්ට අවශ්‍ය ලෙස මිලදි ගන්න කියලා අපි පාරිභොගික ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කීවේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ‘දිනමිණ‘ සිදුකළ විමසුකදී රාජ්‍ය ඇමැතිවරයා මෙසේද කීය………දැනටමත් 65%ක් පමණ වෙළෙඳපොළ හිමිකරගෙන සිටින ප්‍රධාන කිරිපිටි සමාගම ඉදිරි මාස තුනකට අවශ්‍ය කිරිපිටි හිඟයකින් තොරව වෙළෙඳපොලට සැපයීමටත් එහි මිල වැඩි නොකිරීමටත් රජයත් සමග එකඟතාවයකට පැමිණ තිබෙනවා

මාස හයකට ආසන්න කාලයක් තිස්සේ දිගින්දිගටම කිරිපිටි සමාගම් මිල වැඩිකර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටියා. මීට මාසයකට පමණ පෙර මුදල් අමාත්‍යාංශය කිරිපිටි ආනයනයේදි යම් බදු සහනයක් ලබාදෙන්න කටයුතු කළා. එම සහනයත් ප්‍රමාණවත් නොවන බවත් අපි පිළිගන්නවා.
නමුත් අපිට මේ අසීරු අවස්ථාවේදි ජනතාව අමාරුවේ දමන්න බැහැ.

වෙළෙඳපොළට සුළු වශයෙන් කිරිපිටි සපයන සමාගම්වල භාණ් හිඟයක් තිබෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ අවස්ථාවේ අනවශ්‍ය ලෙස කිරිපිටි වැඩියෙන් මිලදී ගන්න ගියොත් හිඟයක් ඇතිවෙනවා. එබැවින් කිරිපිටි වෙනදා මිලදි ගත් ආකාරයට ලබාගන්න කියලා පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලනවා.

එමෙන්ම හයිලන්ඩ් වැනි දේශීය කිරිපිටිවල නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමේ වැඩසටහනක්ද දියත්වෙනවා. යම් ප්‍රශ්නයක් වෙළෙඳපොළ තිබෙන බව අපි පිළිගන්නවා. මිල වැඩිකරන්න දුන්නොත් ප්‍රශ්නය විසඳෙයි . පාරිභෝගිකයා වෙනුවෙන්ම පෙනිසිටින්න ගිහිල්ලා තමයි මෙවැනි තත්ත්වයක් ඇතිවෙලා තිබෙන්නේ. පාරිභෝගිකයා මේ ගැන තේරුම් ගත යුතුයි. මෙය විසඳීම සඳහා තවදුරටත් මුදල් අමාත්‍යාංශය හා සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටිනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments