ඉතා නුදුරු දිනයකදීම කිරාන් කෝරලෙයිපට්‍රු ප්‍රදේශයේ පාර සංවර්ධනය කර නව පාලමක් ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන් පවසයි.
පසුගිය රජය සමයේද කිරාන් කෝරලෙයිපට්‍රු ප්‍රදේශවාසීන් අබලන් වූ පාර සංවර්ධනය කර නව පාලමක් තනා දෙන ලෙස ඉල්ලීම් කලද යහපාලන රජය ඒ ගැන අවදානයක් යොමු කර නැති බව පසුබිමක අපේ රජය මගින් ජනතාවට අවශ්‍ය දේ ලබාදීමට කිසිවිටෙකත් පසුබට නොවන බව පසුගාමි ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මැතිතුමා පැවසීය. එතුමා මේ බව පැවසූවේ ඊයේ (07/08/2021)කිරාන් කෝරලෙයිපට්‍රු ප්‍රාදේශයේ ජනතාව හා පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග සාකච්ඡාවට එකතු වෙමිනි.
කිරාන් කෝරලෙයිපට්‍රු යනු මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 3500ක් පමන කෘෂිකර්මාන්තයේ යෙදෙමින් ජීවත් වන විශාල ප්‍රදේශයකි. එමෙන්ම රාජ්‍ය ආයතන 14කට වඩා මේ ප්‍රදේශයේ ඇත. නමුත් මෝසම් වැසි සමයේදී ඇති වන ගංවතුර නිසා මේ ජනතාවට දැනට පවතින පාර හරහා යාමට නොහැකි තත්වයක් ඇතිවේ