කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය අංශ විසින් සිදුකරනු ලබන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්යක්‍ෂමව සහ ක්‍රමවත්ව සිදුකිරීම සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භටපිරිස් (09) දිනයේදි එන්නත්කරණ වැඩසටහන් සඳහා තම දායකත්වය ලබා දුන්හ.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කළ ඉල්ලීමකට අනූව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මගපෙන්වීම යටතේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය සහ අනෙකුත් යුද්ධ හමුදා භටපිරිස් විසින් මේ සදහා දායකත්වය ලබා දෙති.
කොළඹ බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේ පිහිටි 24 පැය පුරා ක්‍රියාත්මක වන යුද හමුදා එන්නත්කරණ මධ්‍යස්ථානයේදී වසය අවුරුදු 30 වැඩි පුද්ගලයින් හට සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව සහ දෙවන මාත්‍රාව ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
අද දින කොළඹ විහාර මහදේවි උද්‍යානය පිහිටි 24 පැය පුරා ක්‍රියාත්මක වන යුද හමුදා එන්නත්කරණ මධ්‍යස්ථානයේදී වසය අවුරුදු 30 වැඩි පුද්ගලයින් සඳහා සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව සහ දෙවන මාත්‍රාව ලබාදීම, වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් හට ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු සහ දෙවන මාත්‍රාව ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.