විශේෂ පොලිස් කාර්ය බලකාය ඉකුත් දෙදින තුලදී නීති විරෝධ මත්ද්‍රව්‍ය හා බලපත්‍ර නොමැතිව බැකෝ ලෝඩර් රථයකින් පස් කැපු ස්ථානයක් වටලා එම උපකරණ හා පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ පොලිස් කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය දෙවන හී නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව මාරවිල පොලිස් වසමේ සිදුකළ වැටලීමකදී ගංජා මිශ්‍ර මදන මෝදක 1,680(කිලෝග්‍රෑම් 21ක්) novapreg-150යි. වර්ගයේ pregabalin capsules 800යි, pride king වර්ගයෙ දුම්වැටි 800ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මීට අමතරව හංවැල්ල පොලිස් වසමේදී ලහිරු ගම ප්‍රදේශයේදීනීති විරෝධි මත්පැන් බෝතල් හතළිස් පහක් අත්අඩංගුවට ගෙන ඇත.
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී මෝදර උයන, මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිටදී හෙරොයින් මි.ග්‍රෑ.5160ක් එක් සැකකරුවෙක් අත් අඩංගුවට ගෙන තිබේ.
රජයේ ඉඩමක බලපත්‍ර නොමැතිව බැකෝ ලෝඩර් රථයකින් පස් කපා ටිපර් රථ දෙකට පටවා ප්‍රවහනයට සූදානම් කර සිටි පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා තිබොල්කැටිය අඩවි වන කාර්යාලයට භාරදී ඇත.