26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPමත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන රියැදුරන් හඳුනා ගැනීමේ පරීක්ෂණ කට්ටල ලබාගැනීමට මුදල්...

මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන රියැදුරන් හඳුනා ගැනීමේ පරීක්ෂණ කට්ටල ලබාගැනීමට මුදල් පිරිනැමේ.

මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන රියැදුරන් හඳුනා ගැනීමේ පරීක්ෂණ කට්ටල ලබා ගැනීම සඳහා රුපියල් මිලියන දහයක චෙක්පත භාරදීම සිදුකෙරිණි.

මේ සඳහා ඖෂධ පාලක ජාතික මණ්ඬලය වෙත අවශ්‍ය මුදල් ලබාදීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පළ කර තිබු එකඟතාවය මත මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභා අරමුදලින් ලබාදෙන ලද රුපියල් මිලියන 10ක මුදලට අදාල චෙක්පත අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඬලය වෙත නිකුත් කිරීම බත්තරමුලල් , සහුරුපාරය පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදුකෙරිණි.
මේ අවස්ථාවට ප්‍රවහන ඇමැති ගාමිණි ලොකුගේ, මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර හා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ඇන්ටන්ද මෙන්ස් යන මහත්වරු එක්වූහ. මෙම චෙක්පත රාජ්‍ය ආරක්ෂාව ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජයන්ත එදිරිසිංහ මහතාට භාරදී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments