29.2 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedකොවිඩ් 19 එන්නත්කරණය සඳහා තවදුරටත් නාවික හමුදා සහය.

කොවිඩ් 19 එන්නත්කරණය සඳහා තවදුරටත් නාවික හමුදා සහය.

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා  ත්‍රිවිධ හමුදාව මඟින් සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ මහජනතාව එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙලට දායක වෙමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව, අද දිනයේත් (2021 අගෝස්තු 11) කොළඹ චෛත්‍ය පාරේ පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී නාවික හමුදා වෛද්‍ය කාර්යමණ්ඩලයක් මඟින් “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබා දීම සිදු කරන ලදී.

ඒ අනුව පසුගිය දින 03 තුළදී පමණක් වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් 21122 ක් සඳහා “සයිනොෆාම්” (Sinopharm) එන්නතෙහි පළමු සහ දෙවන මාත්‍රාවන්  ලබා දීම නාවික හමුදා එන්නත්කරණ වැඩසටහන මඟින් සිදු කරන ලදී .

තවද, කොව්ඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්වෙන මෙම එන්නත්කරණ වැඩසටහන හෙට දිනයේදී ද (2021 අගෝස්තු 12)  කොළඹ චෛත්‍ය පාරේ ප්‍රදීපාගාර පරිශ්‍රයේදී  නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments