29.2 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPකොව්ඩ් රෝග ලක්ෂණ ඇත්නම් හෝ ආසාදිතයෙක් ඇසුරු කළානම්ලේදෙන්න එන්න එපා.ජාතික රුධිර පාරවිලයන...

කොව්ඩ් රෝග ලක්ෂණ ඇත්නම් හෝ ආසාදිතයෙක් ඇසුරු කළානම්ලේදෙන්න එන්න එපා.ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ.

කොවිඩ් රෝගයට සමාන රෝග ලක්ෂණ ඇත්නම් හෝ කොවිඩ් ආසාදිතයෙක් ළඟින්ම ඇසුරු කර ඇත්නම් හෝ මාස 03ක් ඇතුළත විදෙස් සංචාරයන්හි නිරතවී ඇත්නම් රුධිර පාරවිලයන මාධ්‍යස්ථාන වෙත පැමිණිමෙන් වළකින ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

රුධිරය හෝ රුධිර සංඝටක මගින් කොවිඩ් රෝගය සම්ප්‍රේෂණය වන බවට මෙතෙක් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු නොවුණ ද කොවිඩ් රෝගියෙකුගෙන් රෝහල් කාර්ය මණ්ඩලයටවෛරසය සම්ප්‍රේෂණයවීමේ හැකියාව පවතින බැවින් එය වළක්වා ගැනීම සඳහා මේ ඉල්ලීම කරන බව වෛද්‍යවරයා පැවසීය.

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා මේ බව කියා සිටියේකොවිඩ් 19 වසංගත හමුවේ රුධිර පාරවිලයන මාධ්‍යස්ථානයේ කාර්යභාරය පැහැදිලි කිරීම පිණිස රජයේ ප්‍රවෘත්ති දොපර්තමේන්තුව සංවිධාන කළ මාධ්‍ය සාකච්ඡාවටඅද (13) එක්වෙමිණි.

රුධිරය ලබාගැනීමේදී බෝවන රෝග 05ක් පිළිබඳව පරීක්ෂණයක් කරනු ලැබේ.පරීක්ෂයේ ප්‍රතිපලයට කොව්ඩ් එන්නත මගින් බලපෑමක් සිදුවීමට ඉඩ ඇති බැවින් කොව්ඩ් 19 වළක්වා ගැනීම සඳහා කවර හෝ එන්නතක් (පළමු හෝ දෙවන මාත්‍රාව) ලබාගෙන සතියක් ඉක්මනොවූ පුද්ගලයන්ගෙන් රුධිරය ලබානොගන්නා බව ද ලක්ෂමන් එදිරිසිංහ මහතා පැවසුවේය.

කොවිඩ් වසංගතය තත්ත්වය හමුවේ වුවද ජාතික රුධිර පාරවිලයන සේවාව අඩාල නොවී පවත්වා ගැනීමට හැකිවූ බවත් රුධිර පාරවිලයන මධ්‍යස්ථානවල කාර්යමණ්ඩලයේ කැපවීම සහ රුධිරයදීමටජනතාව ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වීමඊට ඉවහල්. කොව්ඩ් තත්ත්වය හමුවේ බාධා මැද වුවද ආරක්ෂිත රුධිර සංචිත පවත්වාගෙන යාමට හැකියාව ඇති බව පෙන්වාදුන් වෛද්‍යවරයා පිළිකා, වකුගඩු තැලසීමියා, ලියුකේමියා වැනි රෝගීන්ට අවශ්‍ය රුධිරය සැපයීම මෙන්ම දරු ප්‍රසූතියේදී සිදුවන මාතෘ මරණඅනුපාතය අඩු රටක් බවට පත්කර ගැනීමට හැකියාව ලැබී ඇත්තේ ද ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වය නිසා බවද කීවේය.

ශ්‍රී ලංකාවේ වාර්ෂික ජාතික රුධිර අවශ්‍යතාවය ඒකක 450,000කි. (ඒකක 1ක් යනු මි.ලී. 450කි). ශ්‍රී ලංකාව පුරා රෝහල්වලපිහිටි මධ්‍යස්ථාන 107කි. රුධිර පාරවිලයනය සිදුකරනු ලැබේ. ජාතික රුධිර අවශ්‍යතාවයෙන් සියයට 85ක් දායක කඳවුරු සංවිධානයෙන් ලැබෙන අතර, සියයට 15 ක් මධ්‍යස්ථාන වෙත පැමිණ ලේ පරිත්‍යාග කරනපුද්ගලයින් ලැබේ. රුධිරය දීමට කැමැත්තක් දක්වන පුද්ගලයන්ට 0115332153/54 යන දුරකථන අංක අමතා වේලාවක් වෙන් කරවා ගත හැකි බව ද අධ්‍යක්ෂවරයා කියා සිටියේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments