නව කැළණි පාලම ඉදිකිරීම් ව්‍යාපෘතියේ කටයුතු ය හේතුවෙන් 14 වන
දින අළුයම 05.00 සිට 16 වන දින සඳුදා අළුයම 05.00 දක්වා අඛණ්ඩව බලපැවැත්වෙන
පරිදි බේස්ලයින් මාර්ගයේ කැලණිතිස්ස වටරවුමේ සිට ඔරුයගාඩවත්ත මංස්න්දිය දක්වා
වූ කොළඹට ඇතුළුවීමේ මාර්ගය කාපට් ඇතිරීම සඳහා තාවකාලිකව වසා දමනු ලබන අතර
කොළඹින් පිටවන ඔරුයගාඩවත්ත මංසන්දියේ සිට කැලණිතිස්ස වටරවුම දක්වා වූ
මාර්ගය ගමනාගමනයට විවෘතව ඇත.
මේ සඳහා භාවිතා කළ හැකි විකල්ප මාර්ග කොළඹට පැමිණීම කැළණි පාලම, කැළණිතිස්ස වටරවුම ඉඟුරු
කඩේ හංදියට පිවිස සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, දිවුල්ගස් හංදිය,
මහා විද්‍යාල මාවත ඔස්සේ පිටකොටුව, ආමර් වීදිය,
පංචිකාවත්ත වටරවුම, මරදාන හරහා පිටකොටුවටත්,බොරැල්ල දෙස්ටත්,
ගමන්නළ හැකි අතර ප්‍රදීපා මාවත, සද්ධර්ම මාවතින් නැවත බේසලයින්
මාවතට පිවිස දෙමටයගාඩ දෙසටත් ගමන් කළ හැකිය.
මෙම කාල සීමාවන් තුල සිදුවිය හැකි මාර්ග තදබදය අවම කර ගැනිම සඳහා හැකිතාක් දුරට
විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියදුරන් ඉල්ලා සිටියි.