26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPඑල්.ටී.ටී.ඊ. සංවිධානයේ සංඥා අංශයේ නායකයෙකු එස්.ටි.එෆ්. අත්අඩංගුවට.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සංඥා අංශයේ නායකයෙකු එස්.ටි.එෆ්. අත්අඩංගුවට.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සංඥා අංශයේ නායකයෙකු විදේශීය රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සමග අත්අඩංගුවට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වී තිබේ.

ඒ අනුව එම බලකායේ කලවංචිකුඩි කඳවුරේ නිලධාරීන්ට මඩකලපුව නාවික හමුදා බුද්ධි අංශය මගින් ලැබුණු තොරතුරකට අනුව දෙවන ක.අ.නි පො.ප. ටී.එම්.එම්.යූ.කේ.බී. තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (13) කලවංචිකුඩි පොලිස් වසමේ ඔන්ඩච්චිමඩම් ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදී
එම ප්‍රදේශයේ යොදනු ලැබු මාර්ග බාධකයකදී අණ නොතකා පලාගිය පුද්ගලයකු පසුපස සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ නිලධාරීන් විසින් හඹාගොස් සැකකරු නවතා පරීක්ෂා කිරීමේ දී ඔහු සන්තකයේ තිබී විදේශීය රටක නිෂ්පාදිත TYPE 82 – 02 වර්ගයේ ජීව අත් බෝම්බයක් ද සමග එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කලවංචිකුඩි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

වැඩිදුරටත් ප්‍රශ්ණ කිරීමේ දී මෙම සැකකරු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සංඥා අංශයේ කංචිකුඩිආරු ප්‍රදේශයේ පිහිටි කඳවුරක කන්නර් රාම් යන එල්.ටී.ටී.ඊ. සංවිධාන නායකයෙකු යටතේ ආල්වාන් නැමති නාමයෙන් සම්බන්ධවී සිට පසුව එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් වෙන්වී ඇති නමුත් පුනරුත්ථාපනය නොවු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකි. මොහු විජේරාසා ප්‍රශාන්තන් වයස අවුරුදු තිස් හතරක පුද්ගලයෙකී.

මෙහිදි ගෝනහේන කදවුරේ නිලධාරීන් මිනුවන්ගොට හොරම්පැල්ලේදී සිදුකළ වැටලීමකදී කාන්තාවක් සමග හෙරොයින් මිලිග්‍රෑම් 340ක් හා මුදල් 37,100ක් අත් අඩංගුවට ගෙන ඇත. පූගොඩ කඳවුරේ නිලධාරින් ඇහැලියගොඩ පොලිස් වසමේ රත්නාගල රබර් වත්තේ සිදුකළ වැටලීමකදී නීතිවිරෝධි මත් පැන් මිලිලීටර් 33,750ක් අත් අඩංගුවට ගෙන තිබේ. මේ අතර කහවත්ත කඳවුරේ නිලධාරින් හවුපේ වත්ත පහල සිදුකළ වැටලීමකදී නීතිවිරෝධි මත්පැන් මිලි ලීටර් 37,500ක් අත්අඩංගුවට ගෙන ඇත. එම කඳවුරේම නිලධාරින් ගුණාවත්ත,මාදම්පේ, අටකලම්පන්න සිදුකළ වැටලීමකදී නීති විරෝධි මත්පැන් මිලි ලීටර් 19,500ක්, ගෝඩා මිලි ලීටර්,135,000ක්,වටපහකින් යුත් තම දඟර, යකට බැරල් එකක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදි පොලිස් විශේෂ කාර්ය බලකාය තව වැලි ජාවාරමුන් හා නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමුන්ද අත් අඩංගුවට ගෙන ඇති බවට වාර්තාවේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments