21 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPFM විෂන් අධ්‍යාපන නාලිකාව මෙරට අධ්‍යාපනයේ අනාගතයේ දැවැන්ත ඉදිරි පිම්මක් මහාචාර්ය...

FM විෂන් අධ්‍යාපන නාලිකාව මෙරට අධ්‍යාපනයේ අනාගතයේ දැවැන්ත ඉදිරි පිම්මක් මහාචාර්ය ජී.එල්.පීරිස්

අද දින ආරම්භ වුණු FM විෂන් නාලිකාව මෙරට අධ්‍යාපනයේ අනාගතය වෙනුවෙන් තැබූ දැවැන්ත ඉදිරි පිම්මක් බව ත් එහි උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ලෙස දූ දරුවන්ගෙන් සහ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බව ද අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසී ය.

අද දින ආරම්භ වෙන මෙම ව්‍යාපෘතිය අපේ සමස්ත අධ්‍යාපන ව්‍යුහයට තීරණාත්මක බලපෑමක් කරන සාධකයක් වනු ඇත. 1931 දී ප්‍රථම වතාවට අධ්‍යාපන වැඩසටහන් ගුවන් විදුලි සේවය හරහා ඉදිරිපත් කිරීම ඇරඹුණ ද අධ්‍යාපන කටයුතු සඳහා පමණක් ම වෙන්වුණු පූර්ණ කාලීන නාලිකාවක් මෙරට ආරම්භ කරනු ලබන්නේ අද දිනයේ ය.

අද රටේ පවතින ප්‍රමුඛතා අනුව මෙය අතිශයින් ම කාලෝචිත වැඩපිළිවෙළකි. අද රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සහ අනෙකුත් විවිධ ගැටලු මධ්‍යයේ මෙම ගුවන්විදුලි නාලිකාව සමස්ත දූ දරුවන්ට අතිශයින් ම වැදගත් ය. මෙය ඉතා ම ක්‍රමානුකූල ව සහ විධිමත් ව සංවිධාන කොට තිබේ. ඒ අනුව 65%ක් පමණ විෂයයන්ට සෘජුව සම්බන්ධවන ලෙස ද 35%ක ප්‍රමාණයක් විෂය සමගාමීව දරුවන්ගේ අධ්‍යාපනයට ප්‍රයෝජනවත් කරුණු ද වශයෙන් අන්තර්ගතය සකසා තිබේ.

FM විෂන් නාලිකාව කියන්නේ මේ රටේ අධ්‍යාපනයේ අනාගතය වෙනුවෙන් වූ විශාල ඉදිරි පිම්මකි. එහි ප්‍රයෝජන විශාල පරාසයක් තුළ අපේ ශිෂ්‍ය දූ දරුවන්ට ලැබෙනු ඇත. මෙය ආරම්භ කිරීමට අතහිත දුන් සියල්ලන්ට මාගේ කෘතඥතාවය පුද කරමි.

දිවා රෑ නොබලා මේ වෙනුවෙන් කැපවුණු නිලධාරීන් අගයමි. ඒ සියලු ම පාර්ශ්වයන්ගේ සාමූහික ප්‍රතිඵලයේ ප්‍රයෝජන උපරිමයෙන් ලබා ගන්නා ලෙස දූ දරුවන්ගෙන් ඉල්ලා සිටිමි. යනුවෙන් ද පැවසී ය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments